Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උපරිමාධිකරණයේ ගින්න ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න

එජාපය රජයෙන් ඉල්ලයි

උපරිමා­ාධිකරණයේ පසුගිය හටගත් ගින්න පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.

උපරිමාධිකරණ සංකීර්ණය පිහිටා තිබෙන කොළඹ අලුත්කඩේ ප්‍රදේශය දැනට වසා දමා ඇති අතර උසාවි කටයුතු මහජනතාව නොමැතිවීම හේතුවෙන් හදිසි නඩු සඳහා පමණක් සීමා කර තිබියදී මේ ගින්න ඇති වීමට ආරක්‍ෂාව අඩු වූයේ කෙසේ දැයි රජය සොයා බැලිය යුතු බව එම පක්ෂය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය සැලකිලිමත් වන්නේ ගින්න ඇති වූ ස්ථානය පිළිබඳ මතු වන වාර්තා පමණක් වන අතර උපරිමාධිකරණ මාෂල් උපුටා දක්වමින් මාධ්‍ය ප්‍රකාශ කළේ ගින්න සංකීර්ණයේ පහළම මාලය දක්වා ඇති වූ බවත් පහළම මාලයේ පිහිටා ඇති උසාවි වාර්තා කාමරයේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා දීමට ඒ වන විට මාෂල්ට නොහැකි වූවත් පසුව පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ වාර්තා කාමරයට කිසිදු හානියක් සිදුව නොමැති බවයි. සඳහන් කරන කෙසේ වෙතත්, කිසිදු ලිපිගොනුවක් අතුරුදහන් වී නොමැති බව සහතික කිරීම සඳහා වාර්තා කාමරයේ සම්පූර්ණ ඉන්වෙන්ටරි ලබා ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.

මේ සංකීර්ණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු අය මේ සිද්ධියට වගකිව යුතු බව පෙන්වා දෙන එම පක්ෂය

2019 දී රජය භාරදීමට පෙර එක්සත් ජාතක පක්ෂයේ නායකත්වයෙන් යුත් රජය අධිකරණ වාර්තා ඩිජිටල්කරණය කිරීමේ කටයුතු කරමින් අවශ්‍ය පද්ධති ප්‍රසම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කිරීමට සිටි බවත් වර්තමාන රජය මේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන ගොස් ඇත්දැයි සහ මේ වැදගත් කාර්යය ප්‍රමාද කළේ ඇයිද යන්න පිළිබඳත් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි.

 

ශිරෝමි අබයසිංහ සහ මැද කොළඹ සමූහ

ආරියරත්න ගනේගොඩ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();