Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මාර්ගවල සංඥා ලාම්පු පමණක්

 
 
 
අද (14) සිට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මාර්ගවල සංඥා ලාම්පු පමණක් ක්‍රියාත්මක කරන අතර හස්ථ සංඥා මගින් පොලිසිය  විසින් සිදු කළ හැසිරවීම නවතා ඇත.
 
ඒ අනුව කොළඹ හා ආසන්න නගර කිහිපයක තෝරා ගත් මංසන්ධිවල ස්වයංක්‍රීය මාර්ග ආලෝක සංඥා පුවරු අද උදෑසන 06.00සිට යළි ක්‍රියාත්මක කරයි.
 
රථවාහන තදබදය තවදුරටත් අවම කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
 
මෙම මාර්ගවල මින් පෙර රථවාහන හසුරවනු ලැබුවේ පොලිස් නිළධාරින් විසිනි.
 
එහෙත් ස්වයංක්‍රීය මාර්ග ආලෝක සංඥා පුවරු ක්‍රියාත්මක වීමත් සමග අදාල මාර්ගවල රථවාහන හැසිරවීම සදහා පොලිස් නිලධාරින් සහභාගී වන්නේ නැත.
 
පානදුර, මොරටුව, කටුබැද්ද, අඟුලාන, බොරුපන, බෙලෙක් කඩේ, මැලිබන් සහ ටෙම්පලර්ස් මාර්ග මංසන්ධි, දෙහිවල ගුවන් පාලම සහ විලියම් ග්‍රින්ඩින් මිල් හන්දිය යන ස්ථානවල ස්වයංක්‍රීය මාර්ග ආලෝක සංඥා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා පැවසීය.
 
කොළඹ-හොරාණ පාර දිගේ කැස්බෑව හන්දියේ, පිලියන්දල බයිපාස් පාර දිගේ ජාලියගොඩ සහ බොකුන්දරා, බොරලැස්ගමුව, රත්නපිටිය, පැපිළියාන සහ කොහුවල යන මංසන්ධි වලත් එය බලාත්මක කරන බව ඔහු සදහන් කළේය.
 
මාලඹේ, කොස්වත්ත, බත්තරමුල්ල, ඇතුල් කෝට්ටේ සහ රාජගිරිය මංසන්ධිවලත්, මාලඹේ පාර දිගේද, කොට්ටාව – බත්තරමුල්ල පාර දිගේ තලවතුගොඩ සහ පලම් තුන හන්දිය ද ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
 
එමෙන්ම තලවතුගොඩ -නුගේගොඩ පාර දිගේ කිම්බුලාවල හන්දියේ සහ කැළණිතිස්ස, ඔරුගොඩාවත්තේ, ඉන්ග්‍රම්, දෙමටගොඩ, බන්ධනාගාර පාර , බොරැල්ල, ඩී.එස්. ඇති ස්වයංක්‍රීය මාර්ග ආලෝක සංඥා යළි ක්‍රියාත්මකය.
 
මහනුවර පාරේ තොරණ හන්දියේ සහ මීගමුව පාර දිගේ මහබාගේ හන්දියේ ඇති ස්වයංක්‍රීය මාර්ග ආලෝක සංඥා ක්‍රියාත්මක කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();