Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව යලි පොලිස් මූලස්ථානයට.

විනය හේතූන් මත උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරු කෙරුණු හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පොලිස් මූලස්ථානය වෙත යළි ස්ථාන මාරු කර තිබේ. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි. මාරු කිරීමට අදාලව වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොමැති බවද වාර්තා වේ. 

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන අත්අඩංගුවට ගෙන සිටි රියාජ් බදියුදීන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීමට අදාළව සිදුකළ මාධ්‍ය ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නට චෝදනා එල්ල වීමත් සමග  උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස පොලිස් කොමිෂන් සභාව විසින් මාරු කර යවා තිබුණි.

 

The post පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොරව යලි පොලිස් මූලස්ථානයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();