Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගත වූ පැය 24ට ඇඳිරිනීතිය කැඩූ 11 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ පසුගිය ඉරිදා දින සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
 
මේ අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් ඇතුළු කිසිදු වෙළෙඳසැලක් විවෘත කිරීම සපුරා තහනම් වන බව මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.
 
එම ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට (15) දිනයේ තීරණයක් ගන්නා බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
 
කොවිඩ් නයින්ටීන් වසංගත අවදානම සියලු ප්‍රදේශවල පවතින බැවින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();