යාපනය අර්ධද්විපය තුල ජිවත්වන දමිළ ජනතාව හා යුද්ධ හමුදාව අතර, පවතින සුහදතාවය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් හා දමිළ තරුණ තරුණියන් හට ඔවුන්ගේ ගායන හා නර්ථන හැකියාවන් කලඑලි දැක්විමට මහගු අවස්ථාවක් උදාකර දෙමින් ප්‍රථම වරට යාපනය ප්‍රදේශයේ පවත්වන ලද ‘‘JAFFNA GOT TALENT - 2020’’ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය 02වනදා ‘‘යාපනය තන්දෙයි සෙල්වා ශාලාවේදී’’ පැවැත්වුනි.
ඒ උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
යාපනය ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ සංකල්පයකට සහ මගපෙන්වීමට අනුව 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සේන වඩුගේ මහතාගේ අධික‍්ෂණයෙන් හා යාපනය විශ්ව විද්‍යාලයේ නර්ථන හා සංගිත අංශයේ සහයෝගය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.
අවසන් මහා තරගය සඳහා ගායන අංශයෙන් තරගකරුවන් 05 දෙනෙකුද, නර්ථන අංශයෙන් තරගකරුවන් 05 දෙනෙකු සුදුසකම් සපුරාගන්නා ලදි.
එහිදි ගායන අංශයේ ශූරතාවය ජෙගතිශ්වරන් මතුෂිගන් හිමිකරගත් අතර, අනුශූරතාවය සිවලොගනාදන් මේරි මැඩෝනා හිමිකර ගත්තාය. නර්ථන අංශයේ ශූරතාවය ආධිත්‍යා ජෙබාලන් හිමිකරගත් අතර, අනුශූරතාවය වානති විශ්වනාදන් හිමිකරගත් අතර, ශූරතාවයන් සඳහා මුදලින් රු200,000ක්, සහතිකපත් හා කුසලාන ද අනුශූරතාවයන් සඳහා මුදලින් රු:100,000ක්, සහතිකපත් හා කුසලාන පිරිනැමුණි.
මෙම අවස්ථාවට කතෝලික පියතුමන්ලා, යාපනයේ ඉන්දිය මහ කොමසාරිස් එස් බාලචන්ද්‍රන් මහතා සහ එම මැතිණිය, යාපනය, වන්නි සහ කිලිනොච්චි ආරක‍්ෂක සේනා ආඥාපතිවරුන්, ආඥාපති උතුරු නාවික විධානය, 51,52,55,65,66 සහ 68 වන සේනාංක වල සේනාංකධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙ (උතුර), යාපනය දිසාපති, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පාළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් අධ්‍යාපන ලේකම්, යාපනය උප දිසාපති, යාපනය දිස්ත්‍රික්කයේ රාජකාරි කරනු ලබන ප්‍රාදේශීය ලේකම්වරුන්, යාපනය විශ්ව විද්‍යාල පීඨාධිපති වරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සීමිත සිවිල් පුද්ගලයින් සහභාගිවූහ.


0 Comments