වතු කම්කරුවන් සදහා 2015 වර්ෂයේ සිට ලබා දෙන බව පැවසූ රුපියල් 1000 සක මුදල තවමත් ඔවුනට නොලැබෙන බවත් මේවාට රජයේ විසදුම් මොනවාද යන්න තවමත් පැහැදිලි නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
පසුගිය මැතිවරණ වේදිකාවල ජනපති ගෝටාභය රාජපක්ෂ රුපියල් 1000 සක දීමනාව ලබා දෙන බවට පවසද්දී අනෙක් පාර්ශවයෙන් 1500 ක් ලබා දෙන බවට තරගයට මෙන් ප්‍රකාශකර අයුරුද රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත් වතු කම්කරුවන්ට රුපියල් 1000 සක මුදල ලබා ගැනීමේ සටන අත්හැර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
The post 2015 ඉදලා දෙනවා කිවුව 1000 කෝ ආණ්ඩුවේ උත්තර මොනවද? appeared first on Lanka News Column.
0 Comments