Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද (04) පෙරවරුවේ සිට ආරම්භ වී ඇත.
 
නිකුත් කිරීමේ පරිශ්‍ර 71ක සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන බව මැතිවරණ කොමිසම පවසයි.
 
එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යාමට සිදු වේ.
 
අද රාත්‍රීයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් එම ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
 
තවද අද දිනයේ ද ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව සදහන් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();