ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසනවල නිල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත්වී තිබේ.
එහි ආසන 10 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.
ඒ ඡන්ද 430334ක් ලබාගනිමින්.
ජන බලවේගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 115456ක් ලැබී තිබේ.
ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 29963ක්.
එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 18968ක් ලබාගත්තේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 826939ක්.
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 645803ක්.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35751ක්.
ගාල්ල දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 610052ක්.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද සියයට 70.54ක් ලැබී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල ද ප්‍රකාශයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27682ක්.
සමගි ජන බලවේගය ඡන්ද 5144 ක් ලබාගත්තේය.
ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 1507ක්.


0 Comments