Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොණරාගල ජයත් පොහොට්ටුවට

මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබේ.

එම දිස්ත්‍රික්කයේ බලය තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 208,193ක් ලබා ගත් අතර සමඟි ජන බලවේගය ඡන්ද 54,147ක් ලබාගෙන තිබේ.

ජාතික ජන බලවේගය මොණරාගල දිස්ත්‍රික්කය තුල ඡන්ද 11,429ක් ලබා ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කය තුල ලබා ගත හැකිව ඇත්තේ ඡන්ද 3,494ක් පමණයි.

බිබිල,වැල්ලවාය සහ මොණරාගල යන ආසන තුන මොණරාගල දිස්ත්‍රික්කයට ඇතුළත්.

මොණරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 348744ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 301197ක් වන අතර ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 20312ක්.

මොණරාගල දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 280885ක්.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();