කොළඹදී පැවැති සුහද රග්බි තරගාවලියකට සහභාගීවීම සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ඇතුළත් කිරිමේදී පළමුව මිය ගිය බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩක හාඩව් තෝමස් ඇන්ඩෲ (26) කී‍්‍රඩකයාගේ මෘත දේහය ඔහුගේ පියා වන බැටී පෝල් යන අයට බාර දීමට ඊයේ (17) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
එම මරණය සම්බන්ධයෙන් දීර්ඝ සාක්ෂි විමසීමක් සිදු කිරිමෙන් අනතුරුව මේ නියෝගය ලබා දුන් මහේස්ත්‍රාත්වරිය මිය ගිය තැනැත්තාගේ දේහය ගුවන් මගින් ප්‍රවාහනය කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දුන්නාය.
රගර් ක්‍රීඩා තරගයන් සහා සහභාගී වීමට මෙරටට පැමිණි සිටයදී මියගිය අනෙකුත් බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයා වන බෙට් තෝමස් රීඩ් (27) නැමැති අයගේ මරණය සම්බන්ධයෙන් විස්තරාත්මක මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යලයේ සහකාර අධිකරණ වෛද්‍ය රාහුල් හක් මහතාට මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළාය.
එම මරණය සම්බන්ධයෙන් අද දින අධිකරණයට කෙටි මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.
මේ සිද්ධියට අදාළව වැඩිදුර සාක්ෂි කැඳවීම්වලට කොටුව පොලිසිය අධිකරණයෙන් දින ඉල්ලා සිටි අතර සිද්ධියට අදාළව සාක්ෂි කැඳවීම අද (18) සිදු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් සාක්ෂි ලබාදීමට කැමති අය සිටී නම් සාක්ෂි ලබා දීමට අද අධිකරණයට ඉදිරිපත් වන ලෙසට නියෝග කළාය.
එමෙන්ම මියගිය බෙට් තෝමස් රීඩ් ක්‍රීඩකයා සම්බන්ධයෙන් කෙටි වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර රුධිරය මුත්‍රා රුධිර කොටස් අභ්‍යන්තර ශරීර කොටස් සම්බන්ධයෙන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් බවට පොලිසිය අධීකරණයට කියා සිටියේය.
දේහයන් බ්‍රිතාන්‍යට රැගෙන යාමට විදේශ කටයුතු අමාත්‍යාංශය අධිකරණ නියෝග අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීමද සිදු කෙරිණි.
මියගිය රගර් ක්‍රීඩකයින් දෙදෙනා නැවතී ඇත්තේ කාමර දෙකක බවද සැක්ෂිකරුවන් සාක්ෂි ලබා දෙමින් කියා සිටි අතර මෙම කී‍්‍රඩකයින් දෙදෙනා පෙරවරුවේ නිදා සිටි ඇදෙන් බිම ඇදවැටී හුස්ම ගැනීමට අපහසුතාවයෙන් දඟලමින් සිටින අතරේ සෙසු කි‍්‍රඩකයන් ඒ බව හෝටල් කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති අතර හෝටල් බලධාරීන් මොවුන් දෙදෙනා පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව එක් අයකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව මියගොස් ඇත.
පෞද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (13) දහවල් එක් කී‍්‍රඩකයකු මියගොස් ඇති අතර සෙසු කී‍්‍රඩකයා ද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීමෙන් අනතුරුව ඉකුත් 15 දා මිය ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම අද සිදු කිරිමට නියමිතය.


0 Comments