Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමතිට කොරෝනා

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
 
ඒ අනුව ඔහු වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.  
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු වන අමිත් ෂා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය පක්ෂයේ නායකයා ද වේ.
 
ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගනු ලැබුවේද අමිත් ෂා අමාත්‍ය ධුරය හොබවන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි.
 
ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන පසුගිය ඉරිදා මිලියන 17 ඉක්මවා ගියේය. එසේම මිලියනයකට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් ද මේවන විට සුවය ලබා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();