තිහගොඩ පොලිස් වසමේ යටියන මාතර ප්‍රධාන මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් තවත් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.
අද (04) උදෑසන 06.00ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් සේවිකාවන් දෙදෙනෙකි. ඔවුන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
එම සේවිකාවන් දෙදෙනා බෙලිඅත්ත සහ හෙට්ටියාවල ප්‍රදේශවල පදිංචි අවුරුදු 37 සහ 42 වයස්වල පසුවන අය බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ හා බස් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද(04) මාතර මහේත්‍රාත් අධිතරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


0 Comments