Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 32කට පසු පුත්තලමට මන්ත්‍රී අසුනක්

ජයග්‍රහණයෙන් පසු මොහොමඩ් රසීම් මහතා ජනතාව වෙත පැමිණ සිය සතුට ප්‍රකාශ කළ අයුරු.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලංකා මුස්ලිම් සන්ධානය නියෝජනය කරමින් තරග කළ අබ්දුල් අලි සබ්රි මොහොමඩ් රසීම් මහතා මනාප ඡන්ද 33,509ක් ලබා ගනිමින් පුත්තලම ආසනයට මන්ත්‍රී ධූරයක් හිමි කරදී තිබේ.

වසර 32කට පසුව ජනතා ඡන්දයෙන් මන්ත්‍රීවරයකු පුත්තලම ආසනයට මෙවර තෝරා පත් කරගැනීම විශේෂත්වයකි.

පුත්තලම ආසනය නියෝජනය කළ මුදල් ඇමැතිවරයකු ව සිටි එම්. එච්. එම්. නෛයිනා මරික්කාර මහතා අවසන් වරට පුත්තලම ආසනයට තේරී පත්වූ මන්ත්‍රීවරයා විය. කෙසේ නමුත් මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරයකු පත් නොවීම නිසා පැවති රජයන් කිහිපයක් පුත්තලම ආසනයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාදීමට කටයුතු කර තිබුණි.

ඡායාරූපය - මාරවිල සමූහ

 

 

මිහිර විජේසේකර - මාරවිල සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();