Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධික වර්ෂාවෙන් මහනුවර අලි මුඩුක්කුවේ වෙළෙඳසල් ජලයෙන් යට වෙයි

අධික වර්ෂාවත් සමඟ ඊයේ (9) අලුයම් කාලයේ මහනුවර නගර මධ්‍යයේ වූ අලි මුඩුක්කුවේ වෙළෙඳසල් 100කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටව තිබේ.

එම වෙළෙඳසල් ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථ කිහිපයක් ද ජලයෙන් යට වූ බව මහනුවර පොලිසිය පවසයි. මෙයට පෙර අවස්ථා කිහිපයකදීම තම වෙළෙඳසල් ජලයෙන් යට වූ බවත්, මේ නිසා විශාල මූල්‍ය පාඩුවක් සිදු වූ බවත්, මේ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව දැනුවත් කළත් මෙතෙක් විසඳුමක් නොලැබුණු බවත් වෙළෙඳසල් හිමියෝ පවසති.

අසේල කුරුළුවංශ

ඡායාරූපය - රුවන් මීගම්මන

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();