එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් රැසක් මෙවර මැතිවරණයේදී පරාජයයට පත්ව ඇත. 1977 මහ මැතිවරණ ජයග්‍රහණය කරමින් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතාට මන්ත්‍රී ධූරය අහිමිව ඇත්තේ වසර 42කට පසුවය.
එසේම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ වජිර අබේවර්ධන, විජේපාල හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් යාපා අබේවරධන, නවීන් දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න, සුමේධා ජී ජයරත්න ඇතුළු පසුගිය පාර්ලිමේන්තුව නියෝනය කළ රැසකට සිය අසුන අහිමිව ඇත. මෙරට මැතිවරණ ඉතිහාසයේ කිසිදා නොවිරූ අන්දමින් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් අත්කරගත් පළමු අවස්ථාව ලෙස මෙම මහ මැතිවරණය සනිටුහන් වෙයි.
එය මීට පෙර සියලු ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ හා සන්සන්දනය කිරිමේදී නොසිතූ නොවීරූ අන්ත පරාජයක් බව විශ්ලේශකයෝද පෙන්වා දෙති. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන පැරැණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ දරුණුතම පරාජයක් අත්කර ගනිමින් ප්‍රබල පසුබෑමකට ලක්ව තිබෙන අතර එම පක්ෂය නියෝජනය කළ ප්‍රබලයන්ට පරාජය උරුම කර දෙන්නට මේ රටේ ඡන්ද දායකයන් කටයුතුකර තිබේ.
මෙවර එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ප්‍රතිවාදීවූ පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මුහුණ දෙන්නේ අවම වශයෙන් සියයට පහකටත් වඩා අඩු ප්‍රතිශයක් ලබමිණි.
තමන්ගේ පක්ෂයෙන් කඩා වෙන්වූ සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයට වඩා ඡන්ද හිමිකරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් හා එම පක්ෂයෙන් තම සාමාජිකයන්ට සිදුවූ එදිරිවාදි කම් වලට පළිගැනීමක් ලෙස දෙවන ස්ථානයට පත්වෙමිනි.
ඒ අනුව උදාහරණයක් ලෙස නිකුත් වී ඇති ඡන්ද ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ඇති ඡන්ද ප්‍රතිඵලයෙන් භාගයකටවත් ආසන්න වෙන්න දෙවන ස්ථානයට පත් සමගි ජන බලවේගයට නොහැකිවි ඇති අතර විපක්ෂයේ සියලු ප්‍රතිඵල එකතු කළත් ජයග්‍රාහි පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිඵලයට ආසන්නවීමට නොහැකිවීම සුවිශේෂියි. කොළඹ නගරයේ හැර සියලු ආසන්නවල එක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉහල ඡන්ද ප්‍රතිඵලයකින් ජය ගැනීම විශේෂවු අතර සමගිජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කළත් ඉකුත් මැතිවරණ සසඳ බලනවිට මෙවර ඡන්ද ප්‍රමාණය අඩුවී ඇත.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2.30,389ක් ලබාගත් අතර සමගි ජන බලවේගය 1,13.008කී. එම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය 12,974කී. එම පක්ෂය සිව්වෙනි ස්ථානයට පත්වි ඇත. මීගමුව ආසනයේ ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 36,536යි. සමගි ජන බලවේගය 25,023යි. එක්සත් ජාතික පක්ෂය 2,784යි. එමෙන්ම වත්තල ආසනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 47,230යි, සමගි ජනබලවේගය 34,706යි , එක්සත් ජාතික පක්ෂය 2.138යි. හේවාහැට ආසනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 27,733, සමගිජනබලවේගය 16,963,එක්සත් ජාතික පක්ෂය 1,437ක් ලබා තිබේ. උඩුදුම්බර , මහනුවර , ගම්පොළ ,පහතදුම්බර ආසන කලින් මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළත් මෙවර මැතිවරණයේදී පරාජයට පත්වී ඇත.
අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත


0 Comments