
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. ඊයේ රාත‍්‍රී ආහාරවේල ප‍්‍රතික්ෂේප කරමින් එම බන්ධනාගාරයේ රඳවා සිිටින විශේෂ ගණයේ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ එලෙස ආහාර වර්ජනය කර ඇති බව වාර්තා වේ
දිනපතා අවස්ථා දෙකකදී පැය බැගින් පැය 02 ක කාලයක් ඔවුන් රඳවා සිටින සිර මැදිරිවලින් පිටතට ගෙන ව්‍යායාම කිරීම සඳහා අවස්ථාව ලබා දෙන අතර එම කාලය වැඩිකරන ලෙස ඉල්ලා වර්ජනය ආරම්භකර තිබේ
කෙසේ වෙතත්, බන්ධනාගාර ප‍්‍රධානීන් එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා නැත.කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි අපරාධකරුවන් අදාළ සිරමැදිරිවල රඳවා සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
The post අපරාධකරුවන්ගෙන් ඉල්ලීමක්. appeared first on Lanka News Column.

0 Comments