Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය (COVID-19) රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. ඒ අනුව රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමට රජය විසින් ගත් එක්  පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ. 
 
රජය විසින් ගෙන ඇති මෙම පියවරයන්ට අනුගතවිම හා ඊට සහාය දීමක් වශයෙන් විදේශ රැකියාවල නිරතවි සිටින්නන්, තමන් සේවය කරන විදේශ රටේ සුරක්ෂිතව තවදුරටත් රැදී සිටින ලෙස  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.
 
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් තුරන් කිරිමෙන් පසුව, විදේශ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් සලකා බලනු ලැබේ. එසේම ඔබ සේවය කරන රටේ රජය විසින් දෙන උපදෙස් අනුව මේ මොහතේ සුරක්ෂිතව රැදී සිටම වඩාත් සුදුසුවේ.තවද ඔබට යම් ගැටළුවක් වේ නම් ඔබ සේවය කරන රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වි අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද දැනුම් දීමක් කරනු ලැබේ.
 
දැනටමත් විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින්ගේ පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටින අන්දමට ඔබගේ ඥාතින් මෙරටට ගෙන්වා ගැනිම අපහසුය. ඒ මන්ද ශ්‍රී ලංකා රජය තවදුරටත් කොරෝනා වෛරසය තුරන් කිරිමට ගන්නා උත්සහය නිසා විදේශ රටවල සිට සියලුම දෙනාගේ පැමිණිම රජය විසින් සම්පුර්ණයෙන්ම නවතා තිබේ. 
 
තවද ගුවන් මගින් ලංකාවට පැමිණිමට ඔබ උත්සහ කරන්නේ නම්, ඔබ ගමන් කරන ගුවන් යානයේ කොරෝනා රෝගියෙකු සිටියහොත් එම රෝගය ඔබටද වැලදිමට ඉඩකඩ ඇත. එසේම මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීම නිසාද  මෙම රෝගය ඔබට වැළඳීමේ අවදානමක් පවති. 
 
විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින් සම්බන්ධව අදාල රටවල තානාපති කාර්යාල හරහා නිරන්තරව කාර්යාංශය අවධානය යොමු කරන බැවින් අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද අවධාරණය කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();