Ticker

6/recent/ticker-posts

Header Ads Widget

21 – 22ට එකඟ නැහැ

එක්සත් ජාතික පක්ෂ පාලිමේන්තු මන්ත්‍රී  අචාර්ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ගෙනවිත් ති‌‌බෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂයක් හා සුළු ජාතින් ලෙස සිය පාර්ශවයන් ඊට එකඟ නොවන බව කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් පවසයි.

ඔහු ඒ  බව පැවසුයේ තලවකැලේ නගරයේදි අද (04) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් ඉදිරිදීයි.

එහෙදී තම අදහස් දක්වු හිටපු අමාත්‍යවරයා,

“විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනවිත් ති‌බෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එතුමා කියන්නේ දැනට සියයට පහක් ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව නැති කරලා එය සියයට දොලහයි දශම පහක දක්වා  වැඩි කර එම  ඡන්ද ප්‍රතිශතයක් ගන්න  අවශ්‍ය බවයි.  එහෙම උනොත් සුළු ජාතික පක්ෂවලට හෝ සුළු ජාතීන්ට මේ රටේ පාර්ලිමේන්තුවට යන්න බැරි වෙනවා. ඒ අයගේ හිතලා තියෙන්නේ මහ පක්ෂයක් එක්ක එකතුවෙලා ඡන්දය ඉල්ලන්න අවශ්‍යයි  කියලයි. ඒ අයගේ අදහස හැමදාම සුළු ජාතික පක්ෂ සමඟ සම්බන්ධ වෙන්න බැහැ කියලයි. සුළු ජාතින් නැතුව කෙලින්ම ඡන්දය අරගෙන ඇවිත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අවශ්‍යයි කියලා.

එහෙම සුළු ජාතීන් හා සුළු ජාතික පක්ෂ ප්‍රතික්ෂේප කරලා ඒ අය පක්ෂය ගෙනයනවානම් ඉස්සරට ඔවුන් අමාරුවේ වැටෙනවා” යි පැවසීය.

එමෙන්ම විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පක්ෂ මාරු කරමින් එහෙට මෙහෙට නිතරම පනින අයෙක් බවද ඔහු ප්‍රකාශ කළේය.

The post 21 – 22ට එකඟ නැහැ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();