කොළඹට පිට පිට සිවුවැනි ජය
ශ්‍රී ලංකා විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග පන්දු 41කදී හයේ 8ක් හා හතරේ 5ක් සමග නොදැවී වාර්තා කළ ලකුණු 81ක හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලබාගත් ලකුණු 40 හේතුවෙන් පන්දු 24ක් ඉතිරිව තිබියදී ගාල්ල පිල පරදවා කඩුලු 7ක ජයක් ලබා ගත්තේය. ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලැබූ ජයත් සමග මෙම තරගාවලියේදී කොළඹ පිල පිට පිට වාර්තා කළ සිවුවැනි ජයග්‍රහණය වේ.
දඹුල්ලේදී පෙරේදා පැවැති තරගවලදී මහනුවර පරදා ගාල්ල ලකුණු 7කින්, දඹුල්ල පරදා කොළඹ පිල කඩුලු තුනකින් ජය වාර්තා කළහ.
ඊයේ චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම හා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් ගාල්ල පිල ඕවර් 20කදී කඩුලු 8කට ලකුණු 131ක් වාර්තා කළේය. ගාල්ල ඉනිමට ප්‍රබල තර්ජනයක් ගෙනදුන් අකිල ධනංජය කඩුලු 3ක් බිදහෙලීය.
ගාල්ල කණ්ඩායම කඩුලු 8කට ලකුණු 131 (20)
කුසල් මෙන්ඩිස් 36 ධනංජය ද සිල්වා 44, නිෂාන් ධනුෂ්ක 19 (අකිල ධනංජය 28/3)
කොළඹ කණ්ඩායම කඩුලු 3කට ලකුණු 134 (16)
උපුල් තරංග 81, දිනේෂ් චන්දිමාල් නොදැවී 40, (කසුන් රජිත 38/2, දුෂ්මන්ත චමීර 27/1)
0 Comments