Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජපාන දිය කිඳුරියට පදක්කම් 8ක්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩිකාවට බවට පත්වීමට ජපානය නියෝජනය කරමින් පිහිනුම් ඉසව්වට එක්වූ 18 හැවිරිදි රිකාකෝ ඉකී සමත් වූවාය. පදක්කම් 8ක් දිනාගත් ඇයගේ පදක්කම් එකතුවට රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කම් 2ක් ඇතුළත් විය.

මීටර් 50 නිදහස් ආර ඉසව්ව 24.53කින් නිම කරමින් නව තරග වාර්තාවක්ද සමගින් රන් පදක්කම දිනාගත් ඇය මීටර් 100 සමනලආර, මීටර් 50 සමනලආර සහ මීටර් 100 නිදහස් ආර ඉසව්වන්ගෙන්ද රන් පදක්කම් දිනා ගත්තාය. ඇය කාන්තා මීටර් 100 මිශ්‍ර ඉසව්වේ මෙන්ම, 4 x 100m නිදහස්ආර ඉසව්වේ රන් දිනූ ජපාන කණ්ඩායමේ සාමාජිකාවක්ද විය.

එමෙන්ම කාන්තා මීටර් 200 සහාය නිදහස්ආර සහ මීටර් 100 කාන්තා පිරිමි මිශ්‍ර ඉසව්වේ මිශ්‍ර සහය ඉසව්වෙන් කණ්ඩායම් තරගවලට එක්වූ ඇය නියෝජනය කළ ජපාන කණ්ඩායම් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();