එස්.එල්.ටී. සවාරිය සැප්තැම්බරයේදී
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ සභාපති කුමාරසිංහ සිරිසේන
ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව ඉහළ තලයට ඔසවා තැබූ, මෙරට පැවැත්වෙන දීර්ඝතම පාපැදි සාවරිය සහ වාර්ෂිකව පැවැත්වෙන මෙරට අංක එකේ පාපැදි ඉසව්ව වන, ‘එස්.එල්.ටී. ස්පීඩ් අප්‘ පාපැදි සවාරියේ තෙවැන්න ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සංවිධාන කටයුතු යොදා තිබේ. මෙහි පිරිමි ඉසව්ව සැප්තැම්බර් 4 වැනිදා ඇරැඹෙන අතර සැප්තැම්බර් 8 වැනිදා අවසන් වනු ඇත. කාන්තා ඉසව්ව සැප්තැම්බර් 7 සහ 8 යන දෙදින පැවැත්වෙයි.
ශ්‍රී ලංකා පාපැදි තරග ඉතිහාසයේ කාන්තාවන් සඳහා දෙදින තරගයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇත. මෙරට පාපැදි තරග ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරමින් පළමු වරට පැවැත්වෙන පැරා පාපැදි ඉසව්ව සැප්තැම්බර් 8 වැනිදා දිනට යෙදී තිබේ. එස්.එල්.ටී. ස්පීඩ් අප්‘ පාපැදි සවාරිය පිළිබඳ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා සිය අදහස් මෙසේ පළකරයි.
‘විදුලි සංදේශ ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ අංක එකේ සේවා සපයන්නා ලෙසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වන අපට ශ්‍රී ලංකාවේ අංක එකේ පාපැදි සවාරිය සංවිධානය කිරීමට ලැබීම අභිමානයක් මෙන්ම ජාතිය වෙනුවෙන් යුතුකම්ඉටුකිරීමට ලැබුණු අවස්ථාවක් ලෙසින් මා දකිනවා.‘ ‘පාපැදි ක්‍රීඩාව කියන්නේ කැපවීම, සවිබලය සහ දරගැනීමේ ශක්තිය කියන කාරණා ත්‍රිත්වයේ එකතුවක්. ටෙලිකොම් සමාගමද මෙරට මෙම ක්ෂේත්රයේ කිසිවකුට නොදැවැනිව සිටින්නේ මනා කැපවීම, ඉහළම සවිබලයෙන් යුක්තවීම සහ සෑම අභියෝගයක් මැනවින් දරාගැනීමේ හැකියාව නිසයි. ඒ අනුවත් පාපැදි ක්‍රීඩාවේ සහ එස්.එල්.ටී. සමාගමේ මනා ගැලපීමක් තියෙනවා.‘
‘පාපැදි ක්‍රීඩාව කියන්නේ නගර, ගම් නියම්ගම් සිසාර ජනප්‍රිය වූ ක්‍රීඩාවක්. පාපැදි තරගයක් පාරක දුටුවිට කිසිදු තරාතිරමකින් තොරව සෑම කෙනෙක්ම ඒ දෙස බලා සිටිනවා. එය අපේ හදවතේ රැඳි ක්‍රීඩාවක්. මෙරට ජනතාවගේ හදවතේ රැඳි නාමයක් වන එස්.එල්.ටී.ය මෙරට ජනතාවගේ හදවතේ ඇති ක්‍රීඩාවක් වෙනුවෙන් ඉදිරිපත් වූයේ කරුණු කිහිපයක්ම අරමුණු කරගනිමින්. මෙම පාපැදි සවාරිය මෙරට පාපැදි ක්‍රීඩාවට නව පණක් දුන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මම හිතනවා මෙරට පාපැදි ක්‍රීඩාවට අවශ්‍යම මොහොතකයි අපි මෙය සංවිධාන කිරීම සඳහා ඉදිරිපත්වුණේ කියලා. අපි දුටුවාෙ පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පවා මෙරටට වැඩිම රන් පදක්කම් දිනා දුන් ක්‍රීඩා අතර පාපැදි ක්‍රීඩාව රැඳෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනන, ජාත්‍යන්තරයේ දස්කම් දක්වන ක්‍රීඩකයන් සියලුදෙනාම මෙම ‘එස්.එල්.ටී. ස්පීඞ් අප්‘ සවාරියට එකතුවනවා. ඔවුන්ගේ එම ජයග්‍රහණ සහ දක්ෂතා සඳහා මෙවැනි තරගාවලියක් මගින් පන්නරය ලබාදීමට හැකිවීම ගැන අපි ඉතාම සතුටට පත්වෙනවා.
0 Comments