Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාෆ් තරගාවලියේදී උපරිම ජය ලබනවා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර
නායක සුභාෂ් මධුෂාන්

පාපන්දු නායක සුභාෂ් මධුෂාන්

කොරියාවේදී හා ජපානයේදී ලද විදෙස් පාපන්දු අත්දැකීම් එළැඹෙන දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී උපයේගී කොට ශ්‍රී ලංකාවට උපරිම ජයග්‍රහණ අත්කරදෙන බව ජාතික පාපන්දු නායක ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුභාෂ් මධුෂාන් පවසයි. රටපුරා විසිරී සිටින අති දක්ෂ ක්‍රීඩකයන්ගෙන් තෝරාගත් ක්‍රීඩකයන් 20ක් දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සහභාගීවන බැවින් මූලික වටයේදී හමුවන ඉන්දියාවට හා මාලදිවයිනට එරෙහි හොද තරගයක් ලබාදිය හැකි බව සුභාෂ් මධුෂාන්ගේ අදහසවී තිබේ.

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය ලබන මස 4වැනිදා බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේ ආරම්භවන අතර, එයට පෙර බංග්ලාදේශය සමග මේ මස 29වැනිදා පුහුණු තරගයක් යෙදී ඇති බැවින් ශ්‍රී ලංකා පිල ඊයේ (26) බංග්ලාදේශය බලා පිටත්විය. ජාතික පාපන්දු පිල ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර පාපන්දු නිවහනේදී මාධ්‍ය හමුවක් ද පැවැත්වුණි.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු රුමී පකීර් අලී මහතා පැවැසූවේ ශ්‍රී ලංකාවට හමුවන ඉන්දීය කණ්ඩායම ඉතා හොද කණ්ඩායමක් වුවද මාලදිවයින පිලේ ආරක්ෂක පෙළ හා ප්‍රහාරාත්මක පෙළ දුර්වල බැවින් බලාපොරොත්තු සහගතව පසුවන බවයි. “ ජපාන සංචාරයේදී අප කළේ ප්‍රහාරාත්මක තරග රටාවක් අනුගමනය කිරීමටයි. ඒ ඇටෑකින් ෆුට්බෝල් ක්‍රමවේදය ඉන්දියාවට එරෙහි තරගයේදී අප ක්‍රියාත්මක කරනවා. කොරියානු සංචාරයේදී ආරක්ෂාකාරීව ක්‍රීඩා කිරීම හා ආරක්ෂාවෙන් පසු ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමවේද අත්හදා බැලුවා. එය මාලදිවයින සමග තරගයේදී යොදා ගන්නවා. මාගේ පුහුණු සැලැස්ම සියලු ක්‍රීඩකයෝ ක්‍රියාත්මක කරනවා. ඒක අපේ සාර්කත්වයට හේතුවක් වේවි“ පකීර් අලී මහතා පැවැසීය.

මාස 6ක කාලයක් පුහුණුවීමෙන් පසු ශ්‍රී ලංකා පාපන්දු පිල හොද තත්ත්වයක සිටින බව පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවැසීය. ශ්‍රී ලංකාවේදී පැවැති ලිතුවේනියා සුහද තරගය ජය පරාජයකින් තොරව නිමාකර ගැනීම ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයින් ලැබූ සාර්ථකත්වයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

“ බංග්ලාදේශයට එරෙහි සුහද පාපන්දු තරගය ජයග්‍රහණය හෝ ජය පරාජයෙන් තොරව නිමා කිරීම අපගේ අපේක්ෂාවයි. බංග්ලාදේශයේ එකම සැලසුම මෙම තරගය ජයගෙන විශාල ප්‍රචාරාත්මක වාසියක් ගැනීමයි. මේ තරගය කලින් සැලසුම් කළේ හ්‍රී ලංකාවේ පැවැත්වීමටයි. නමුත් ආසියානු ක්‍රීඩා උළෙලට බංග්ලාදේශය ගිය නිසා අපට එහෙදී ක්‍රීඩා කරන්න වුණා. ඒ තත්ත්වයමත මෙහි අවාසියක් තියෙනවා. නමුත් අභියෝග ජය ගන්න අපට ශක්තිය තිබෙනවා“ අනුර ද සිල්වා මහතා පැවැසීය.

බංග්ලාදේශය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා පිල මෙසේය: සුභාෂ් මධුෂාන් (නාවික හමුදා ක්‍රීඩා සමාජය) , ඩක්සන් පුස්ලාස් (නිව් යංග්ස් සමාජය), අනුරුද්ධ වරකාගොඩ (යුද), චරිත් රත්නායක (කොළඹ), සජිත් කුමාර (යුද), මොහොමඩ් රිෆ්නාස් (කොළඹ), අෆීල් මොහොමඩ් (කොළඹ), අෂුකූර් රහුමාන් (යුද), මාරියතාස් නිදර්ෂන් ( රිනවුන්), කවිදු ඉෂාන් (ගුවන්), මොහොමඩ් ෆසාල්(කොළඹ), මොහොමඩ් සර්වාන් (කොළඹ), ජූඩ් සුපුන් (රිනවුන්), අසේල මධුෂාන් (රිනවුන්), සසංක ජයසේකර (රත්නම්), ඩිලාන් කෞෂාල්‍ය ( කොළඹ) හර්ෂ ප්‍රනාන්දු (ගුවන්), ගෝල් කීපර්ස් - සුජාන් පෙරේරා (මාලදිවයින වෘත්තීය), ධනුෂ්ක රාජපක්ෂ ( නිව්යංග්ස්), කවීෂ ප්‍රනාන්දු (කොළඹ).

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();