එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මීට සුළු මොහොතකට පෙර බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මාදිවෙල පිහිටි මන්ත්රීවරයාට අයත් නිල නිවෙසේදීයි.
පොලිසිය රාමනායක නිවස අද (04) පස්වරු සෝදිසි වරෙන්තුවක් මත පරික්ෂාවට ලක් කළේය. ප.ව. 3.00ට පමණ සිට ඇරඹුණු මෙම පරීක්ෂාවෙන් අනතුරුවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.
එහිදී කරන ලද සෝදිසි කිරීමේදී රාමනායක මන්ත්රීවරයාට අයත් බලපත්ර කල් ඉකුත් වූ ගිනි අවියක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුගේ නිවස පරික්ෂා කරනු ලැබුවේ නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි. මන්ත්රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවෙස වෙත එජාප මන්ත්රීවරු පිරිසක්ද පැමිණ තිබිණි.
The post රන්ජන් රාමනායක අත්අඩංගුවට appeared first on Lanka News Column.
0 Comments