බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (4) අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක අද(05) නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
මන්ත්රීවරයාගෙන් වැඩිදුර ප්රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අද නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මන්ත්රීවරයාගේ මාදිවෙල පිහිටි නිවස පොලීසිය විසින් ඊයේ රාත්රී පරික්ෂාවට ලක් කළේ අධිකරණ නියෝගයකට අනුවයි.
මන්ත්රීවරයාගේ පෞද්ගලික ආරක්ෂාව සදහා රජයෙන් ලබාදී තිබූ ගිනි අවියට අදාළ බලපත්රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළග තබාගැනීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අතර නිවසේ සිදුකළ පරික්ෂාවේ දී වීඩියෝ තැටි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වෙයි.
The post රන්ජන් අද අධිකරණයට appeared first on Lanka News Column.
0 Comments