Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඌව කැරැල්ලේ හම්බන්තොට සෙන්පතියන් වෙනුවෙන් ඉල්ලීමක්

 ඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් වූ සෙන්පතින් 05 දෙනාද ජාතික විරුවන් ලෙස නම් කරන්නැයි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු රැස්වීමට ඉදිරිපත් කර ඇත.
 
ඒ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුව ඊයේ(27) රැස් වූ අවස්ථාවේදීය. මෙලස ඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් වූ විරුවන් වන්නේ,
 
01 වලවේ ඔරුකෙමෙ මුහන්දිරම් 
 
02 කිවූලේ අමදෝරු රාළ
 
03 සීනි මුන්නේ රාළ 
 
04 සපුගොඩ රාළ 
 
05 උඩමලල ගමගේ කිරි අප්පු  [ උඩමලල රාළ .] යන සෙන්පතියන් ය .
 
මෙහිදී දිලිප් වෙදආරච්චි මහතා සිය යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේද පැවසිය. “ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට මුහුණදුන් විරුවන් දේශද්‍රෝහීන් ලෙස සුදු ජාතික පාලකයින් නම් කර තිබුනා . ඒ දේශද්‍රෝහී ලේඛනයේ සිටි ඌව කැරැල්ලේ විරුවන් දේශප්‍රේමින් ලෙස පසුගිය ජාතික නිදහස් දින ප්‍රකාශයට පත් කළා . හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයන් 05 දෙනක් ද ඌව කැරැල්ලට එක්ව  හිටියා . මෙම ඌව වෙල්ලස්ස කැරැල්ලට එක්වූ නායකයින් දේශප්‍රේමින් ලෙස පසුගිය ජාතික නිදහස් දින අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශයට පත් කළත් දේශප්‍රේමී ලැයිස්තුවට මේ හම්බන්තොට විරුවන් නම් කර තිබුනේ නැහැ . හම්බන්තොටදී පසුගිය පෙබරවාරි මස පැවති 71 වන ජාතික නිදහස් දින උත්සවයේදී අපි බලවත් කණගාටුවකට  පත්වුණා . ඒ අපේ දිස්ත්‍රික්කයේ විරුවන්,  අපේ මුතුන් මිත්තන් මේ දේශප්‍රේමී ලේඛනයට ඇතුලත් නොවීම පිලිබදව . ”
 
“ මේ නායකයන් සටනට දිස්ත්‍රික්කයෙන් සේනාව අරගෙන ගිහින්  සටන් කළා . එනිසාම අත්අඩංගුවට අරගෙන හම්බන්තොට කච්චේරියේදී මේ විරුවන් 5 දෙනේගෙන් 04 දෙනෙක් එල්ලා මැරුවා . එක්කෙනෙක් අරගෙන ගියා , ගිහින් මැරුවා . 71 වන ජාතික නිදහස් දින අභිමානය මේ විරුවන් 05 දෙනාට නැහැ . ඒ නිසා මම යෝජනා කරනවා මේ විරුවන් 05 දෙනාත් ජාතික විරුවන් ලෙස මීලග ජාතික නිදහස් දින ප්‍රකාශයට පත් කරන්නැයි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ලෙස .මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉල්ලීමක් කළා හම්බන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයේ මේ විරුවන් 05 දෙනාගේ පිළිරු හදන්න සංස්කෘතික ඇමතිතුමා ලෙස කටයුතු කරන්න කියලා . ”
 
 “ මෙම විරුවන් 05 දෙනා පදිංචි ව සිටි ප්‍රදේශ වල පැරණි විහාරස්ථාන 05 ක විරුවන් 05 දෙනාගේ පිලිරු පෞද්ගලික මුදලින් ඉදිකරන්න මම තීරණය කළා  . මම තවත් යෝජනාවක් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉදිරිපත් කරනවා ඒ මෙම සෙන්පතින් ජිවත් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම සෙන්පතියන් 05 දෙනාගේ නමින් ගම්මාන 05 ක් ඉදිකරන්න කටයුතු කරන්න කියලා . ” යැයි ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවට සිය යෝජනාව ඉදිරිපත් කරමින් පැවසිය.
 
  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();