Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මියන්මාරයේ වෙසක් සිරි

මියන්මාරයේ මෝබිහි පිහිටි විහාරයේ විහාරාධිපති අවුන්ගාබෙයි ෂියා ඩෝ (AUNGZABU SAYARDAW) නා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දේශීය හා විදේශීය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වෙසක් පෝදා (18) දාන, ශීල, භාවනාමය පුණ්‍යෝත්සවයක් පැවැත්විණි.

මෝබි (HMAWBI) නගරයේ පිහිටි එම සුවිශාල විහාරස්ථානය එදින රැස්වූ දස දහස් සංඛ්‍යාත බැතිමතුන්ගෙන් පිරී තිබුණි.

එම මහා පින්කම වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වැඩම කළ විසිහය (26) නමකගෙන් යුත් මහා සංඝරත්නය එදින සවස පැවති පරිත්‍රාණ පිරිත් සජ්ජායනයට සහභාගී වී සිටි අයුරු රැස්ව සිටි කාගේත් ප්‍රසාදයට ලක් වූහ.

මාතලේ අනුරුද්ධ අරණාධිපති මුගුණුවෙල අනුරුද්ධ නාහිමි පෙරටුව වැඩම කළ ශ්‍රී ලාංකීය මහ සඟරුවන අතර මාවුස්සාවේ අග්ගධම්ම, පුරුජ්ජල අනෝමදස්සී යන නාහිමිවරුද වැඩ සිටියහ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක, පරිවාරක නිලධාරිනි අනුරාධි රණසිංහ හා මියන්මාරයේ ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ නියෝජිතයෝ සාමූහිකව සංවිධාන කළ පරිත්‍රාණ පිරිත් සජ්ජායනයට කලාභූෂණ සරත් විමලසිරි මහතා ඇතුළු දේශීය හා විදේශීය බොහෝ පිරිසක් සහභාගී වූ අතර විහාරභූමිය රන්වැලි සෑ අනුරුව ඇතුළු වෙසක් පහන් කූඩු රාශියකින් අලංකාර කොට තිබූ අයුරු පැමිණ සිටි කාගේත් ප්‍රසාදයට ලක් වූහ.

මෙම සුවිශේෂී අවස්ථාවට මියන්මාරයේ සිංගප්පූරු තානාපතිනිය, නේපාලයේ තානාපති හා කාම්බෝජයේ තානාපති තුමාද ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වී සිටියහ.

සටහන හා ඡායාරූප - ඩබ්ලිව්.කේ. සරත් විමලසිරි 
මියන්මාරයේ සැංගුන් සිට

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();