Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය

* ගෝලීය නැව් බඩු වෙළෙඳාමට සරිලන්න වරාය ධාරිතාව පුළුල් කිරීම:
* ජපානය හා ඉන්දියාව සමඟ මනා සබඳතා ඇති කර ගැනීම: ප්‍රධාන අරමුණයි

- මාධ්‍ය වාර්තාවලට පැහැදිලි කිරීමක්:

කොළඹ වරායේ නැඟෙනහිර බහලු පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ජපානය, ඉන්දියාව යන රටවල් අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත සහයෝගිතා ගිවිසුම මගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපේක්ෂාව වන්නේ ජාතික අවශ්‍යතාවන් පවත්වාගෙන යෑම හා තවදුරටත් පුළුල් කිරීම ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ මනා සබඳතාවක් ඇතිකරගැනීම යන අරමුණ බව වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය මෙසේය.

කොළඹ වරායේ පිහිටි නැඟෙනහිර බහලු පර්යන්තය (ECT) සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දීය රජයන් අතර යෝජිත සහයෝගිතා ගිවිසුම (Memorandum of Cooperation - MoC) පිළිබඳව ආසන්න දින කීපයේ පළ වූ මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමුව ඇත. එබැවින් ඒ සම්බන්ධයෙන් වරාය ගනුදෙනුකරුවන් හා අදාළ පාර්ශ්වයන් වෙත පැහැදිලි කිරීමේ අරමුණ ඇතිව මේ මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නිකුත් කෙරේ.

01. මූලිකව මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපේක්ෂාව වන්නේ යෝජිත සහයෝගිතා ගිවිසුම ප්‍රකාරව ජාතික අවශ්‍යතාවයන් පවත්වාගැනීම හා තවදුරටත් පුළුල් කිරීමත් මෙන්ම එහිදී ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ මනා සබඳතාවක් ස්ථාපනය කරගැනීමත්ය.

වර්තමානයේදී කොළඹ වරාය ලෝකයේ ‍හොඳම සම්බන්ධිත (Connectivity) ‍(ඩ්‍රෙව්රි - 2018) වරායන් අතර 11 වන ස්ථානයට ශ්‍රේණිගතව තිබේ. එමෙන්ම අන්තර්ජාතික වරාය ශ්‍රේණිගත කිරීමේදී 22 වැනි ස්ථානයට ද (ඇල්ෆාලයිනර් - 2018) පත්ව තිබේ.

මේ ශ්‍රේණිගත කිරීම ජයග්‍රහණ කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිමිකාරීත්වය දරණ ජය බහලු පර්යන්තය (JCT) කලම්බෝ ඉන්ටර්නැෂල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම (CICT) හා සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් (SAGT) සමාගම යන පර්යන්ත එක්ව කොළඹ වරාය තුළ සිදු කරන සාමූහික කාර්යභාරය මේ සඳහා මූලිකම හේතු වී ඇත. CICT පර්යන්තය හා SAGT පර්යන්තයන් හි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිමිකාරීත්වය 15%කි. එමෙන්ම කොළඹ වරාය වර්තමාන තත්ත්වයට පත්වීම ‍සහ ඉහත පාර්ශ්වයන් විසින් ලබාදී ඇති දායකත්වය ඉතාමත් ධනාත්මකය.

මේ නව පාර්ශ්වයන්ගේ එකඟතාව හේතුවෙන් කොළඹ වරාය ඉදිරියේදී ද අඛණ්ඩ වර්ධනයක් හිමිකර ගන්නා බවත් එහි තත්ත්වය වැඩි දියුණු වන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශ්වාසයයි.

ඉදිරි දශක තුන තුළදී ගෝලීය දළ ජාතික නිෂ්පාදනයෙන් සහ වෙළෙඳ කටයුතුවලින් 45%ක ප්‍රමාණයක් ආසියානු කලාපය තුළ සිදු වන බව පුරෝකථනය කොට ඇත. අධි සම්බන්ධතා වලින් සමන්විත ලෝකයේ බහුවිධ වෙළඳකරුවන් සමඟ දුරවබෝධ සම්බන්ධතා ඇති කර ගැනීම ඥානවන්ත වෙළඳාමක් පමණක් නොව එය ගෝලීය වෙළෙඳාම තුළ කොළඹ වරායට හිමි තැන සුරක්ෂිත කිරීමට ද මහෝපකාරී වේ.

02. දෙවනුව මේ අපේක්ෂිත සහයෝගිතා ගිවිසුම (MoC) පහත කරුණු මත පදනම්ව ඇත.

නැඟෙනහිර බහලු පර්යන්තයේ හිමිකාරීත්වය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වෙයි.

පර්යන්ත මෙහෙයුම් සමාගම (The Terminal Operating Company - TOC) පර්යන්තයේ සියලු මෙහෙයුම් කටයුතු එක්ව සිදු කරයි. එහිදී ශ්‍රී ලංකාව සතු හිමිකාරිත්වය 51%ක් වන අතර හවුල් පාර්ශ්වයන්ට මිලදී ගත හැකි කොටස් ප්‍රමාණය 49%කි.

ලබා ගැනීමට අදහස් කරන ජපාන ණය, ශ්‍රී ලංකාව විසින් මෙතෙක් ලබාගෙන ඇති හොඳම ණය කොන්දේසිවලින් සමන්විතය. කෙසේ වුවද මේ ණය කොන්දේසි තවමත් කෙටුම්පත් අවස්ථාවේ පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු මේ මොහොතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොපවතී.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ එකී හිමිකාරීත්වය 51%ක් ලෙස රඳවා ගැනීම මෙහිදී දක්නට හැකි එක් සාර්ථක ප්‍රයත්නයකි. මෙහිදී යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගමේ (TOC) වැඩි හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වීමද ජාතික අවශ්‍යතාවයන්ට මූලිකත්වය ලබාදී කටයුතු කිරීමේ ඉතා වැදගත් පියවරකි.

මේ දක්වන ලද මූලිකාංග අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු අරමුදල් යොදවා සිදු කරන සංවර්ධන කටයුතුවලට වඩා මේ ක්‍රමවේද මගින් වේගවත් සංවර්ධන ශක්‍යතාවන් ළඟා කර ගත හැකිය.

03. තෙවනුව ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් ඉතාම තරගකාරී ලෙස ඉදිරියට යන කර්මාන්තයක් වන ගෝලීය නැව් බඩු වෙළෙඳාමට සරිලන සේ වරාය ධාරිතාව පුළුල් කිරීම සහ සේවාවේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම ආදිය කාලානුරූපීව වෙනස්වීම අත්‍යාවශ්‍ය වේ. කොළඹ වරාය තුළ මෙකී අරමුණු හැකි ඉක්මණින් සාක්ෂාත් කර ගැනීම සඳහා යෝජිත සහයෝගිතා ගිවිසුම ඉතා අර්ථාන්විත පියවරකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();