Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අභිමානවත් ලෙස පෙළහර පාන රණකාමීන්ගේ පා ගමන

(ගුවන් සංක්‍රමික බල සේනාවේ 25 වන සංවත්සරය වෙනුවෙනි.)

1994 මැයි මස 01 වැනි දින ගුවන් සංක්‍රමික බල සේනාව ආරම්භ විය. පසුගිය යුද්ධය නිමා කිරීමට පෙර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් රටේ සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ආරක්‍ෂක හමුදාවන් විසින් මෙහෙයුම් සිදු කරන අවස්ථාවේ දී කුඩා කණ්ඩායම් ලෙස එක් තැනත සිට තවත් තැනකට ගොස් ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය විය. එවකට කර්නල් එච්. එන්. හලංගොඩ (විශ්‍රාමික බ්‍රිගේඩියර්) විසින් ගුවන් ජංගම බල සේනාව අරඹා ඔවුන්ට ගොඩබිම් ප්‍රහාරක ක්‍රම මෙන්ම ගුවන් මඟින් රැගෙන ගොස් හදිසි අවස්ථාවල දී ප්‍රහාර එල්ල කිරීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගන්නා ලදී.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දී මේ බල සේනාව සෑම අවස්ථාකදීම භූමි සටන්වල දී සක්‍රීය දායකත්වයක් ලබා දී ජය තහවුරු කරගෙන ඇත. ජුනි මස 01 වැනි දිනට මේ බල සේනාවට වසර 25ක් සපිරුණු අතර එම වසර 25 පුරාවටම නිර්භීත පාබල සෙන්පතියන් විසිඑක් දෙනකු මේ බල සේනාවට බල සේනාධිපතිවරුන් ලෙස නායකත්වය ලබා දී ඇත.

පශ්චාත් යුද සමයේ සාමකාමී අනාගතයක් කරා පියවර නඟන ශ්‍රී ලංකාද්වීපයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම ආරක්‍ෂක සේනාවන්ගේ වගකීම සහ කාර්යය භාරයවේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිත ප්‍රහාරක කණ්ඩායමක් ලෙස පුහුණුව ලද කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය වැනි ඒකක සහ පාබල රෙජිමේන්තු අතර පුහුණුවෙන්, සංඛ්‍යාවෙන් සහ විශේෂිත උපකරණ සහ විශේෂිත හමුදා මෙහෙයුම් සඳහා යෙදවීමේ දී පරතරයක් පවතින බවට වර්තමාන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මැනවින් අවබෝධ කර ගන්නා ලදී. එබැවින් පාබල ඒකක සහ විශේෂ ක්‍රියාන්විත ඛණ්ඩ අතර පවතින මේ පරතරය පියවීමට ගුවන් සංක්‍රමික බල සේනාව ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධ උපදෙස් ලබා දෙන ලදී. යුද්ධ හමුදාවේ පෙරමුණ ගෙන කටයුතු කළ මේ බල සේනාව වසර 25ක් ගත වන මේ අවස්ථාවේ ප්‍රතිසංවිධානය වී කැලෑබද සටන් මෙන්ම නාගරික හමුදාමය ක්‍රියාන්විත, බුද්ධි ක්‍රියාන්විත සහ හදිසි ආපදාවල දී සහාය වීමට විශේෂිත පුහුණුවීම ලබා දී ස්ථාපිත කර ඇත.

වසර 25ක් සපිරෙන මේ අවස්ථාවේ දී ගුවන් සංක්‍රමික බල සේනාව මේ නව සංකල්පය අනුව ගමන ආරම්භ කිරීම සහ රණවිරුවන්ට විජයග්‍රහණයේ දශකය සපිරෙන මොහොතේ ඔවුන් වෙත උත්තමාචාරය පිරිනැමීමටත්, වර්තමාන සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමත්, රටවැසියා තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි ඇති අභිමානය සහ ප්‍රතිරූපය ඉහළ නැංවීමත්, වර්තමානයේ ඇති විශ්වාසනීය බව මත නවක තරුණයන්ගේ ආකර්ෂණය යුද හමුදාව වෙත ළඟා කරගැනීමත්, මතින් තොර රටක් උදෙසා තරුණ පරපුර සමඟ පෙළගැසීමත් යන කාරණා මුල්කරගෙන විරුවන්ගේ පා ගමන ආරම්භ කිරීමට නියමිතයි. අද (29) දින කැබිතිගොල්ලෑව නගරයේ සිට ආරම්භ වන මේ පා ගමන දඹුල්ල, මාතලේ, මහනුවර, මාවනැල්ල, වරකාපොල, නිට්ටඹුව, කඩවත, බොරැල්ල හරහා පැමිණ 10 වන දිනය වන ජූනි මස 08 වැනි දින නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමට නියමිතව ඇත. මේ සඳහා ගුවන් සංක්‍රමික බල සේනාවේ 400ක පමණ සාමාජික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();