Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය සහතික ඉදිරියේදී අන්තර්ජාලයෙන්

Author(s): 
නිමල් රාජපක්ෂ

ඉදිරියේදී අන්තර්ජාලය හරහා වෛද්‍ය සහතික නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි. ඇමැතිවරයා එසේ පැවසුවේ පෙරේදා (27) ගම්පහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කාර්යාලය අලුත් ගොඩනැගිල්ලකට ස්ථාපිත කළ අවස්ථාවේදීය.

මෙහිදී ඇමැතිවරයා මෙසේද කීය.උත්සව වහාම නතර කොට වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි පිරිසට සිය රාජකාරි ඉටු කළයුතුයි.නව ගොඩනැගිල්ලට පැමිණීමේ උත්සවය නිසා රාජකාරි අතපසු නොකර ජනතාවට සේවය කරන්න නිලධාරීන් පියවර ගතු යුතුයි.

මහජනතාව අපහසුතාවට පත් කර අපි උත්සව ගෙන වැඩක් නැහැ. මෙතැන මිනිස්සු අව්වේ වේළි වේළි ඉන්නේ. හදිසියේ වැස්සොත් වැස්සට තෙමෙනවා. පෝලිම්වල මිනිස්සුන්ට වාඩි වෙන්න පුටු මදි. ඒ නිසා මම ඒ අඩුපාඩු ටික සකස් කළ යුතුයි. උත්සවය නිසා ඇති විය හැකි ප්‍රමාදය සැලකිල්ලට ගෙන උත්සවය අවලංගු කර සේවය දිගටම ගෙන යායුතු බවද පැවසීය.

මේ කාර්යාල පරිශ්‍රයේද යම් අඩුපාඩුවක් පවතී නම් එයද ඉක්මනින්ම විසඳීමට පියවර ගන්නවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ කාර්යාලය මීට පෙර පැවතියේ අඩුපහසුකම් සහිත ස්ථානයකයි. එහි පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් දෛනිකව එම කාර්යාලයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාව දැඩි ලෙස අපහසුතාවට පත් වූණා. මේ තත්ත්වය සැලකිල්ල‍ට‍ ගෙන එම කාර්යාලය ගම්පහ සියනෑ පාර අංක 48 යන ස්ථානයේ ස්ථාපිත කෙරුණා. කෙසේ නමුත් එම විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කර තිබූ උත්සවය සීමා කර එහි සෙසු කටයුතු වහාම නතර කිරීමට තමන් පියවර ගත් බවද පැවසීය.තමන් එසේ කළේ උත්සවය පැවැත්වෙන අතරතුරදී මහජනතාවට සිදුවිය හැකි අපහසුතාව සැලකිල්ලට ගනිමිනි.

“මම මෙතැනට එන විට වෛද්‍ය සහතිකය ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියා. නමුත් උත්සවය නිසා කාර්යාල කටයුතු තවකාලිකව නවත්තලා තිබුණා. ඒ නිසා උත්සවය වහාම නතර කරන්න කිව්වා. මම ඒ දේ කළේ කේන්තියෙන් නෙමෙයි. මහජනතාව අපහසුතාවට පත් කර අපි උත්සව ගෙන වැඩක් නැහැ.

“සමහර අවස්ථාවලදී රජයේම තියෙන නීතිරීති නිසා මහජනතාවට සේවා සැපයීමේදී යම් යම් දුෂ්කරතාවලට පත් වෙන්න සිදු වෙනවා.

නමුත් අප කළ යුත්තේ රජයේ නීතිරීතිත් රැකගෙන මහජනතාවට උපරිම සේවාවක් ලබාදීමයි. එහෙම වුණොත් අපිට මීට වඩා හොඳ සේවාවක් මහජනතාවට ලබා දිය හැකි බව මෙහිදී ප්‍රකාශ කළේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();