Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගංවතුර ආපදාව වැලැක්වීමට නාවික හමුදා කටයුතු කරයි

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට (මැයි 28) නාවික හමුදාව කටයුතු කරන ලදී.

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වර්ධනය විම‍ට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර, ඒ අනුව ප්‍රදේශ රැසක ගංඟාවල ජල මට්ටම ඉහල යාමක් ඇති වේ යැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලමේහි විශාල උණ පඳුරු, ගස්කොලං හා අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ඇති විය හැකි ගං වතුර අවධානමට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා ‍දකුණු නාවික විධාන කිමිදුම් අංශයේ සහ ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිවිල් ජනතාවගේ ද සහාය ඇතිව කටයුතු කරන ලදී.

රටේ වර්ථමාන ආරක්‍ෂක තත්වය හමුවේ සිදුකරනු ලබන විශේෂිත ආරක්‍ෂක වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගල‍යින් වැඩි වශයෙන් යොදවා ඇති වාතාවරණයක් යටතේ වුවද ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකපයක් මත දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවැනි ආපදාවට පෙර සූදානම් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී

The post ගංවතුර ආපදාව වැලැක්වීමට නාවික හමුදා කටයුතු කරයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();