Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු යළි අරඹයි

රටේ පැවැති ආරක්‍ෂක වාතාවරණය මතත ආරක්‍ෂක මණ්ඩලය මගින් තාවකාලිකව අත්හිටුවන ලද පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත නැවත ආරම්භ කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරයි.
 
ව්‍යාපෘති සිදු කරනු ලබන රජයේ සහ පුද්ගලික ආයතනයක් වෙත අවශ්‍යවන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත, රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණිඅවි හා පතොරම් මිළ දී ගැනීමේ ඒකකය වෙතින් ලබා ගැනීමට උපදෙස් නිකුත් කර ඇත. 
 
එසේම ගල් වලවල් හා කැණීම් කටයුතු සිදු කරන කර්මාන්ත සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් බලපත්‍ර ලාභීන් හට එම බලපත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර අදාළ පුපුරණ ද්‍රව්‍ය ලබා ගත හැකි වේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();