Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මඩකලපුව ෂරියා විද්‍යාලය රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කරන්න

මඩකලපුව ෂරියා විද්‍යාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරාගෙන රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නැයි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඉල්ලා සිටියි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගත තත්ත්වය හමුවේ ජාතික සමඟිය, මුස්ලිම් නොවන ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කිරීමට ෂරියා විද්‍යාලය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන තිලංග සුමතිපාල මහතා සිය මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ලිපියක් මඟින් දැනුම් දී ඇත.

ෂරියා විද්‍යාලයට විසඳුමක් ලබාදීම ජාතික අවශ්‍යතාවක් ලෙස සඳහන් කර ඇති සුමතිපාල මහතා ෂරියා විද්‍යාලය මෙන් ප්‍රශ්න හටගත් ලාංකීය ආයතන කීපයක් රජයට පවරාගෙන ඇති බවද ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා ජනතාවගේ හා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිතා බලා කටයුතු කර ඇති බවත්, ජනසතු ව්‍යාපාර ඇති කිරීම, කච්චතිව් දූපත අප රටට හිමිකර ගැනීම උදාහරණ බවත් සඳහන් කර ඇත.

වෝටර්ස් ඒජ් හෝටල් සංකීර්ණය රජයට පවරා ගැනීම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඇපලෝ රෝහල දේපළ රජයට පවරා ගැනීම, සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාලය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට පවරා දීමද උදාහරණ ලෙස පෙන්වා දෙන සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු එකඟතාව මත හා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අදාළ යෝජනාවට ප්‍රමුඛස්ථානය ලබාදී ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සුමතිපාල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();