Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංගීත කණ්ඩායම්වලට රජයෙන් සහන

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් වෘත්තීය අවස්ථා අහිමිවූ සංගීත කණ්ඩායම්වලට සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.
 
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු සංගීත කණ්ඩායම්වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ ඉඩකඩ ඇහිරී ගිෙයේය. උද්ගත වූ තත්ත්වයට සහනයක් ලබාගැනීමේ අරමුණෙන් සංගීත කණ්ඩායම්වල නියෝජිතයින් පිරිසක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාව හමුවිය. 
 
සංගීත කණ්ඩායම් 15 ක් නියෝජනය කරමින් නියෝජිතයින් ඊට එක්ව සිටි අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මෙම හමුවට සහභාගී විය.
 
සංගීත සංදර්ශන පැවැත්වීමට නොහැකිවීමෙන් තම සාමාජිකයින්ට ගෙවීම් කිරීමට පවා නොහැකිවී ඇති අතර සංගීත උපකරණවලට අදාලව කල් බදු ගෙවීම් සිදුකිරීමට ඇති බවද එම පිරිස අමාත්‍යවරයා හමුවේ සදහන් කළේය. ඒ වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන ලෙස ඔවුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේය. 
 
පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු විවිධ ක්ෂේත්‍රවලට සිදුවූ හානි සම්බන්ධයෙන් ලබාදිය හැකි සහන පිළිබද සාකච්ඡා කරමින් සිටින බැවින් මේ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය යම් තීරණයකට එළඹීමට නියමිත බව එහිදී ප්‍රකාශ කෙරුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();