Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරායේ නැ'හිර පර්යන්තය කිසිදු රටකට පවරා නෑ

Author(s): 
කමනි අල්විස්

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය කිසිම රටකට විකුණා හෝ ලබාදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පතුරවා කට කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් නැඟෙනහිර ජැටිය වරාය අධිකාරිය සන්තක‍යේ පවතින බවත් ඇමැතිවරයා අවධාරණය කෙළේය.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ ජැටිය ජපානයෙන් ලබාගන්නා දශම එකක පොලියකට යටත් ණය මුදලකින් සංවර්ධනය කිරීමට රජය පියවර ගන්නා බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මාධ්‍යවේදියකු නඟන ලද පැනයකට පිළිතුරු දෙමින් මේ බව පැවසූ ඇමැතිවරයා තවදුරටත් පැවසුවේ පවරාගත් පාඩු ලබන රාජ්‍ය ආයතන වන පැල්වත්ත සීනි සමාගම වැනි ආයතන කිසිසේත්ම පෞද්ගලික අංශයට යළි ලබාදී නැති බවයි. ව්‍යවසාය අමාත්‍යාංශය යටතේ පැවැති මෙම ආයතන මහා භාණ්ඩාගාරය යටතට ගැසට් නිවේදන මඟින් පත් කර තිබෙන බව සඳහන් කළ ඇමැතිවරයා අදාළ ආයතන පෞද්ගලික අංශයට ලබා දුන් බවට පැතිර යන කටකතාවල සත්‍යයක් නැති බවත් මෙහිදී පෙන්වා දුන්නේය.

ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (28) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. අගමැති කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන අධ්‍යක්ෂක සහ අගමැති උපදේශක නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ නාලක කලුවැව මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();