Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාභය-මිලින්ද-බ්ලේක්ගේ දේශපාලන ප්‍රවණතාව සැකයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ඇමැති මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපති රොබට් ඕ. ‍බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැක සංකා මතුකරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙරේදා (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙම දේශපාලන ප්‍රවණතාව පිළිබඳ කරුණු හෙළි කෙළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනසමාජයේ ඇතිවූ කඩා වැටීම හරහා තවදුරටත් දේශපාලනඥයන් හෝ පාර්ලිමේන්තුව හෝ මැතිවරණ හෝ පක්ෂ දේශපාලනය හෝ ප්‍රතික්ෂේප කරන මනෝභාවයක් බිහි වූ බවත් මේ වන විට එය දේශපාලන ප්‍රවණතාවක් බවට පත්කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

පාට පක්ෂ භේද එපා කියන සටන් පාඨය එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කළ ද හිටපු ඇමැති මිලින්ද මොරගොඩ ඉතා සූක්ෂ්මව එම සටන් පාඨය අධිරාජ්‍යවාදීන්ගේ බල අපේක්ෂාව වෙනුවෙන් ශක්තිමත් කරන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හිටපු ඇමැති මිලින්ද මොරගොඩගේ මේ දේශපාලන ව්‍යාපෘතිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේ වන විට 2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක්ද සිටින බවද වාසුදේව නානායක්කාර ම හතා මෙහිදී පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලංකාවට පැමිණි රොබට් ඕ. බ්ලේක් කොළඹ විශේෂ දේශනයක් පවත්වමින් මතුව ඇති තත්ත්වයට විකල්පය ලෙස ගෝඨාභය වැන්නෙකු නිර්දේශ කිරීම සහ එම දේශනය සංවිධානය කළ හිටපු ඇමැති මිලින්ද මොරගොඩ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයන් ප්‍රතික්ෂේප කිරීමේ මතවාදය ශක්තිමත් කිරීම තුළ මේ සැකසහිත අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීම තහවුරු වන බව නානායක්කාර මහතා අවධාරණය කරයි.

උපුලි ජයරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();