Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ

කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න නොදෙන බවත් ඒ පදනම ආරක්ෂා කරන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා  අවධාරණය කරයි.
 
එසේම කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවකට නොයන බව ද අමාත්‍යවරයා සදහන් කරනු ලැබේ. 
 
පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍යවේදින් විසින් නැගූ පැනයකට පිළිතුරු සපයමින් අමාත්‍ය කරුණානායක මහතා මෙසේ පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
 
"අපි උත්සාහ කළේ හදිසි විදුලය මිලදී ගැනීමක් සිදු නොකර ඉන්න. නමුත් ඇති වූ විදුලි ඌනතාව හේතුවෙන් එය නොකර බැරි වුණා. දැනට තිබෙන බලාගාරවල නිෂ්පාදන වියදම රු. 30.00 ට වැඩියි. නමුත් හදිසි විදුලිය මිලදී ගන්න ටෙන්ඩර් කැදවීමෙදි මිල නියම වෙලා තිබුණේ රු. 28.00 , රු. 30.00 වගේ. වසරකට ටෙන්ටර් කැදවුවොත් මිල වැඩිවන නිසා අපි මාස 06 කට ගන්න තීරණය කළා.“
 
“කුමන ආකාරයකින් මේ දේවල් සිද්ධ වුණත්,  කිසිසේත්ම ගෘහ විදුලි ඒකකයක මිල වැඩිවන්න දෙන්නේ නැහැ. ඒ පදනම අපි ආරක්ෂා කරනවා. ඒ වගේම කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවකට යන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් අපි විදුලිය නිෂ්පාදනය කල යුතුයි. වාර්ෂිකව විදුලි ඉල්ලුම 6%, 7% ක් වගේ ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. ඒ කියන්නේ මෙගාවොට් 350 ක් පමණ. 2012 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 400ක් පමණ එකතුවුණා මිසක්, අළුතින් එකම ඒකකයක්වත් ජාතික පද්ධතියට එකතු වෙලා නැහැ. අපට දෛනික අවශ්‍යවන විදුලි ඒකක ප්‍රමාණය ජල විදුලියෙන් සපුරා ගන්න පුළුවන් නම් කිසිදු ගැටළුවක් මතු වන්නේ නැහැ. නමුත් මේ වනවිට ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා ජල මූලාශ්‍රයන්ගේ තිබෙන හිගතාවය නිසා. ඒ නිසා අපිට විකල්ප මාර්ග අවශ්‍ය වනවා. විදුලිබල මණ්ඩලයෙන් නිෂ්පාදනය කරනවාද නැතිනම් පිටින් තාවකාලිකව අරගෙන අඩු වියදමකින් ජනනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවාද කියා අප තීරණය කල යුතුයි. ඉතිහාසයේ පළමු වතාවට තමයි අපි මේ වගේ අවම මිලක් යටතේ හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකරලා තියෙන්නේ.  අපි ලබන සුමානෙ ටෙන්ඩර් කැදවන්න සූදානම් වෙනවා, මීට වඩා අඩුවෙන් වසර දෙකක් සදහා මිලදී ගැනීමක් සිදුකරන්න.“
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();