Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් ස්ථූලතාවයට

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් 05 ශ්‍රේණියේ සිසුන් 100දෙනෙකුගෙන් හත් දෙනෙකු ද, 10වන ශ්‍රේණියේ සිසුන් 100දෙනෙකුගෙන් 05දෙනෙකු ද ස්ථූලතාවය හෝ ස්ථූලතාවයට අවදානම් තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.
 
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් ස්ථූලතාවය නිසා පීඩා විඳිති.
 
මේ නිසා කෙටි හා දීර්ඝකාලීන සෞඛ්‍ය අවදානමකට ලක් වී සිටින ඔවුන් ඉන් මුදා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. හෘදයාබාධ, අක්මාවේ රෝග, පරිවෘත්තීය පද්ධතියේ ගැටළු සහ අස්ථි පද්ධතිය ආශ්‍රිත ගැටළු මේ අතරින් ප්‍රධාන වේ.
 
කඩිනමින් මෙම තත්ත්වයට විසදුම් ලබාදීමට සමත් නොවුනහොත් එය අනාගත ශ්‍රී ලංකාවේ සමාජ, සෞඛ්‍ය සහ ආර්ථික ක්ෂේත්‍රෙය් දැවෙන ගැටළු ඇති කිරීමට සමත්වනු ඇත.
 
එබැවින් ළමයින් අතර ඇති ස්ථූලතාවය අවම කිරීම සදහා ජාතික වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජුනි මාසයේ දී ජාතික පෝෂණ මාසයේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසීය.
 
“මම මගේ ශරීර ස්කන්ධ දර්ශකය ගැන දනිමි“ යන තේමාව ඔස්සේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();