Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ට කැබිනට් ඇමතිකමක්

ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වෙනුවෙන් ප්‍රථම වරට කැබිනට් අමාත්‍යධුරයක් පිහිටුවමින් ඒ සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වූ ආදිවාසී මන්ත්‍රීවරයකු වන කෙන් යැට් (Ken Wyatt ) පත් කර තිබේ. 
 
මෙය ඓතිහාසික පත්වීමක් බවත් ඉන් ආදිවාසී ජනතාව වඩාත් සතුටට පත්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 
 
පසුගිය දා ඕස්ට්‍රේලියාවේ පැවැති මැතිවරණයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගත් අගමැති ස්කොට් මොරිසන් විසින් සිදු කරන ලද ප්‍රමඛතම කාර්යයකි. ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ට අසමානව සැළකීම සම්බන්ධව ඔවුහු නිරන්තරයෙන් චෝදනා නගති. 
 
පාසැල් ගුරුවරයකු සහ මහජන සෞඛ්‍ය නිලධාරයකු ලෙස කටයුතු කර ඇති කෙන් යැට් කැන්ගරු සමකින් සකස් කළ කබායක් පැළඳ සිය ප්‍රථම පාර්ලිමේන්තු කථාව සිදුකළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();