Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික ආරක්ෂාවට "ගම රැකුම" සංවිධාන

(බුද්ධිකා ඉඹුලාන,චමීර ඇල්ලදෙණිය)
 
ජාතික ආරක්ෂාවට සහාය වීම සඳහා "ගම රැකුම" සංවිධාන ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සඳහා  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවිණි.
 
ඒ අනුව ජනතාවගේ බහුවිධ ආරක්ෂක අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා බලධාරින්ට සහාය විය හැකි "ගම රැකුම" නමින් හඳුන්වනු ලබන ස්වේච්ඡා ජනතා සංවිධානයක් දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි ස්ථාපිත කෙරෙනු ඇත.
 
පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය හා ආර්ථික තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කර ඔවුන්ගේ සිත් තුළ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම සෑම පුරවැසියෙකුගේම දායකත්වය ලබා දීම මෙහි අරමුණ වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();