Ticker

6/recent/ticker-posts

Header Ads Widget

12 වන අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 11 සහ 12

නූතණ තාක්ෂණය තුළ මානව වර්ගයා , මුහුණ දෙන අභියෝග යන්න තේමා කර ගත් 12 වන අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 11 සහ 12යන දිනයන්හිදී , ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන බව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සම්මන්ත්‍රණයට ප්‍රවේශයක් වශයෙන් සැප්තැම්බර් 10 වන දින පූර්ව සම්මන්ත්‍රණ වැඩමුළුවක් පැවැත් වීමට කටයුතු යොදා ඇත. සම්මන්ත්‍රණය මූලික සහ තාක්ෂණික සැසිවාරයන්ගෙන් සමන්විත වනු ඇත. එහිදී ආරක්ෂක සහ උපාය මාර්ගික අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණය,පරිගණක තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව,සම සෞඛ්‍ය විද්‍යාව,නීතිය,කළමණාකරණය සහ මානව විද්‍යා, ඉදිකිරීම් තාක්ෂණය සහ අවකාශීය විද්‍යා යන විෂය ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

දිනෙන් දින දියුණු වන නව තාක්ෂණික දැනුම අනුව නූතන ලෝකයේ අභිවෘද්ධිය සඳහා තාක්ෂණික, විද්‍යා ,නීතිය ,කළමණාකරණය හා සමාජ විද්‍යා , ඉදිකිරීම් හා අවකාෂීය විද්‍යා වැනි පුළුල් ක්ෂ්‍රේත්‍රයන්හි සිදු වන වර්ධනයන් පිළිබඳව පුළුල් ශාස්ත්‍රීය සංවාදයක් වන අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය 12 වන වරටත් සැප්තැම්බර් මස 11 සහ 12යන දිනයන්හිදී ,එම විශ්වවිද්‍යල පරිශ්‍රයේදී පැවැත්වෙන බව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති එයාර් වයිස් මාර්ෂල් එච් එම් එස් කේ බී කොටකදෙනිය මහතා ප්‍රකාශ කළේය.
නූතණ තාක්ෂණ සන්දර්භය තුල මානව වර්ගයා , මුහුණ දෙන අභියෝග යන්න මෙවර සමුළුවේ තේමාවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සමුළු සභාපති පද්මජා විජේසූරිය මහත්මිය පැවසුවේ මේ වන විටත් පර්යේෂණ වාර්තා 150කට අධික සංඛ්‍යවක් ලැබී ඇති බවයි. පසුගිය මස තුල රටේ පැවති ආරක්ෂක තත්වය හේතුවෙන් විශ්ව විද්‍යාල වසා දැමීම වැනි හේතුන් නිසා පර්යේෂණ වාර්තා ලැබීම ප්‍රමාද වූ බවත් එබැවින් පර්යේෂණ වාර්තා ලබා ගැනීමේ අවසන් දිනය ජූනි මස 15 වන දක්වා දීර්ඝ කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එමෙන්ම මේ සඳහා අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරනු ඇතැයි ද ඒ සඳහා පැමිණෙන විදේශීය විද්‍යාර්ථයින්ට එක් දිනක දේශීය සංස්කෘතිය පෙන්වීම සඳහා සංචාරයක් සංවිධානය කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ උපන් විද්වතුන් ලෝකය පුරා විසිරී ඇති බවත් එවන් විද්වතකු මෙහි විද්වත් සම්භාවනීය අමුත්තා වශයෙන් සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

The post 12 වන අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 11 සහ 12 appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();