Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අසාද් සාලී,රිෂාඩ් බදූ‍ර්දීන් කරන ප්‍රකාශ නිසා ජනතාවගේ  කෝපය ඇවිස්සිලා කොයි මොහොතේ පුපුරා යයිද දන්නෙ නෑ.-අශෝක ද සොයිසා –

පුරා දශක තුනක් වර්ගවාදී යුද්ධයෙන් බැටකෑ රටේ ජනතාව අණතුරුව රට තුල ස්ථාපිතවූ සාමකාමී වාතාවරණය උපරිම අන්දමින් විදිමින් ජීවත්වූ අවස්ථාවක පාලකයන්ගේ වරදින්
පාස්කු ඉ රිදා දිනයේ සිදුවූ ම්ලේජ්ච ප්‍රහාරය ගෝලීය ත්‍රස්තවාදය නිසා සිදුවූවක් යැයි රට පාලනය කරන බලධාරීන් විසින් හදුන්වා දී ඇති නමුත් ත්‍රස්තවාදය ගෝලීය පැතලි හෝ හතරැස් හැඩයක් ගත්තද එය රටක් විනාශ කරන ත්‍රස්තවාදය මිස අන්කිසිවක් නොවන බව පාලකයන් වටහා ගත යුතුයැයි ජනසෙත පෙරමුණේ ප්‍රචාරක ලේඛම් අශෝක ද සොයිසා  ප්‍රකාශ කර සිටී.

රටේ අනාගතය යහපත් වීමට ජනතාවගේ සිත් තුල ඇති බිය පහවීමට නායකයන් විසින් ගත යුතු ක්‍රියා මර්ග පිලිබදව අශෝක ද සොයිසා  සිය අදහස් මෙසේ හෙළිකර සිටී.

මේ රට මේ විපතට වැටීමට පෙර පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමිටන් රටට මේ තොරතුරු හෙළිකරා.උන්වහන්සේගේ හඩට නිහඩ කරපු පාලකයො මුස්ලිම් අන්තවාදීන්ගේ මනදොළ සපුරන්න උන්වහන්සේව හිර ගත කරලා අන්තවාදීන්ට රට බාර දීලා ජාතික ආරක්ෂාව අමතක කරලා මත්කුඩු පස්සෙ විතරක් ගියා.අපි අනන්ත කිවුවා රටේ ඉහළ වැදගත් ආර්ථික මර්මස්ථාන වල බිල්ලො ඉන්න බව. ඊයේ පෙරේදා අහු උනු දොස්තර කරලා තියෙන්නෙ පාස්කු බෝම්බ කරුවන් කරාට වඩා බලවත් වරදක්.ඒ මියගිය ගාණට වඩා විශාල ප්‍රමාණයක් තරුණ අම්මාවරු කුඨ ක්‍රමේට රහසින් වද භාවයට පත් කරපු මේ දොස්තරට දිය යුතු දඩුවම මොකක්ද?අපේ සිංහල ජාතිය වද කරන්නත් මුස්ලිම් පිරිමි විවාහ දෙකතුනක් කරගෙන වර්ගයා බෝකරන්නත් දරපු වෑයමක් මේ එළිඋණේ.අසාද් සාලි කියන විදියට සාෆී ව්‍යාපාරික පෝසතෙක්. තමන්ගෙ වරිගෙ අයට සුදු හුණු ගෑම මුස්ලිම් නායකයන්ගේ සිරිතක්.ඒත්
අපේ නායකයන් කරේ මේකේ අනිත් පැත්ත.

ජාතික ආරක්ෂාව පිලිබදව වගකීම සහමුළින්ම අමතක කරලා නායකයන් දෙස්විදෙස් සංචාරය කරමිනුත් බලපොරයට කෑදරවී එකිනෙකාගේ පසුගිය වැරදි අවුස්සා නඩු පවරමිනුත් රටේ දියුණුව වසර ගණනාවක් ආපස්සට ඇදදැමීමේ වරදට යහපාලන රජය වග කිව යුතුයි.

තමන් අතින් සිදුවූ අතපසුවීම පිලිබදව තබ සතයකට මායිම් නොකර ම්ලේච්ජ ප්‍රහාරයේ වගකීම අනෙකා වෙත පවරමින් රජය ගෙන යන ක්‍රියාමාර්ගය දැන් ජනතාවට පිළිකුල් වෙලා.

අසාද් සාලී,රිෂාඩ් බදූ‍ර්දීන් කරන ප්‍රකාශ නිසා සිංහල ජනතාවගේ  කෝපය ඇවිස්සිලා කොයි මොහොතේ පුපුරා යයිද දන්නෙ නෑ.මුස්ලිම් ව්‍යාපාරිකයො කිඹුල්කදුළු හෙලනවා සහජීවණය ගැන.ඔවුන්ගේ මූලික චෝදනාව ව්‍යාපාර කඩා වැටීම.චීනය අද එරට සිටින මුස්ලිම් ජාතිකයන්ට ඒ රට තුලදී රාමසාන් සැමරීම තහනම් කරා.
අපේ රටේ කොයිතරම් නිදහසක් මේ අයට දුන්නද?

මේ දක්වා කාලය තුල ලෝකය පුරා සිදුවූ මෙවැනි  ම්ලේච්ජ මිනිස් ඝාතන වල වගකීම ගත්තෙ මුස්ලිම් අන්තවාදීන්.ආයුධ නිපදවන රටවල් වල එකම අවශ්‍යතාවය ඒවා අලෙවි කර ගැනීම, මත්කුඩු  අන්තවාදීන් ගේ ජන්ම භූමි උණු පකිස්තානය වගේ රටවලින් අපේ රටට මුහුදු මාර්ගෙන් ගෙන්නුවේ කවුද? සිංහලයා වද කරන්නයි මේ සියල්ල කරේ.

කුරාණයේ ඔවදන් වලට අනුව ජීවිතය ගෙන යන මුස්ලිම් අන්තවාදීන් අද සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවගේ සාමකාමී ජීවිත වලට විශාල තර්ජනයක් වෙලා.
අන්තවාදින්ගේ විශ්වාසය මිනිස් ඝාතනය ස්වර්ගෙට පාර කපා ගැනීමක් කියායි.

මේ වන විට සාමකාමී මුස්ලිම් ජනයා අන්තවදී කැරළිකරුවන්ගේ ගොදුරක් බවට පත්වෙලා.සමහර දේශපාලකයන් රහසේම අන්තවාදීන්ට අත්වැල සපයලා පොහොසතුන් බවට පත්වෙලා.
මේ නායකයන් ගෙන් ලැබුණු උදවු නිසයි අද මේ රටේ මුස්ලිම් බැංකු ,ෂරියා විශ්ව විද්‍යල,මද්‍රසා පාසැල්, හලාල් ආහාර,සවුදි අරාබියේ කාන්තාවන්ට ඒ රටවල පැවති ගල් යුගයේ නීතියෙන් ආ බුර්කාව නිකාබය,පර්දාව මේ සියල්ල ඕනෑවටත් වඩා රට පුරා පැතිරෙන තුරු අපේ සිංහල නායකයෝ සුළු ජනකොටස් වල චංදෙට තියෙන කෑදර කමට අහක බලන් හිටියා.රටේ නීතිය අයාලේ යන්න ඉඩ හැරියා.කවදත් මේ ගොල්ලො අශ්වයා පැනලා ගියාමයි ඉස්තාලේ වැහුවේ.සිද්ධියට පෙර බුද්ධිය ආ යුතු උනත් මේ නායකයන්ගෙ මොලේ පෑදෙන්නෙ මිනිස්සු මැරිලා තැන තැන වැටිලා බුදුන්දවස විශාලා මහනුවර වගේ තියෙනවා දැක්කම විතරයි.

පකිස්තානයේ ඉම්‍ රාන් ඛාන් අගමැති උනාට පස්සෙ ඒ රටේ තිබුණු මද්‍රසා පාසැල් 20,000ක් වහලා දැම්මා.ඒ රට මුස්ලිම් රටක් නමුත් මේ මද්‍රසා පාසැල් තුලින් සිද්ධවෙන භයානක විපත දැකපු බුද්ධිමත් නායකයා ඒවා වහලා දැම්මා.
චංදෙ ගැන හිතලා නැවත බලයට එන්න කෑදර කමට වරද නිවැරදි කරේ නෑ.අපේ රටේ මේක වෙනවද?

අතීතයේ ඉදලා බැළුවොත් තට්ටු මාරු ක්‍රමේට මේ රට කරවපු ප්‍රධාන පක්ෂ දෙකම කරේ මේ පහත් ක්‍රියාව. මේ රටට උණු විපත මේක ගෝලීය ත්‍රස්තවාදය කියලා හදුන්වලා රටේ ජනතාව සංසුන් කරන්න රජය උත්සාහ කරත් බුද්ධිමත් මිනිස්සු දන්නවා අයි එස් ලා රිංගුවෙ මොන නීතිමය සිදුරෙන්ද කියලා. රටකට මෙවැනි විපතක් උනාම ඵලයට පිලියම් යෙදීම නොකර සමාජ ජාල අවහිර කරමින් පාරේ ඉන්න අහිංසකයන් පවා ගෙනැවිත් සිර ගතකර සිරගෙවල් පිරවීම නෙවි කල යුත්තේ.මෙයට පාදක උණු හේතුව සොයලයි අපි පිලියම් කල යුතුව තියෙන්නේ.හේතුඵලවාද න්‍යායෙන් පමණයි මෙයට විසදුම් තිබෙන්නේ.

ප්‍රථමයෙන්ම මේ සටන් කාමීන් රටට ඇතුල් උණු ක්‍රමය සෙවිය යුතුයි.ඉන්පසු රට පුරාම සෝදිසි කර සැගවී සිටින ත්‍රස්තයන් ඔවුන්ට උපකාර කල අය වගේම වීසා නොමැතිව සිටින
විදේ ශිකයන් අත් අඩංගුවට ගත යුතුයි.

අල්බුකර් වගේ පොත් මේ රටේ තහනම් කල යුතුයු.ඒවායේ ඇති නීතිරිති අණපනත් කියවලා ඒ අනුව යමිනුයි මිනිස් ඝාතන සිදු කරන්නේ.
මේ ත්‍රස්තයන් අපේ රට පුරා යෝධ බිල්ඩින් හදන කන් රටේ ඉඩම් අක්කර ගාණක් නීතියෙන්ම ලියා ගන්න කන් බලධාරීන් රාජ්‍ය නිලධාරීන් මර නින්දක හිටියේ.දුප්පත් මනුස්සයෙක් පර්චස් 10ක් අරන් ගෙයක් හැදුවොත් ඒ මිනිහාට ඒ සල්ලි ලැබුණු ක්‍රමේ අහලා අල්ලස් කොමිෂමට කැදවනවා.හොර ජාවාරම්කාරයො අක්කර ගණන් ඉඩම් අරගෙන පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යනකම් බලධාරීන් මුණිවත රකිනවා.මේකයි ඇත්ත කතාව.වහාම මේ සියළු දේපල රජයට පවරා ගත යුතුයි.විදේශිකයන්ට මේ රටේ ඉඩම් මිලට ගැනීමට ඉඩදීම අත් හිටවිය යුතුයි.අපේ රටේ ඉඩම ටික පිටට දුන්නට පස්සෙ අපේ අනාගත දරු පරපුර කොහේද යන්නෙ.

අපේ රටට ආවේණික උණු සංස්කෘතියට අවනත වෙන්න බැරිනම් එයාලා කැමති සංස්කෘතිය තියෙනරටකට යායුතුයි. මේ රටේ ඔවුන්ට පමණක් බැංකු,ණයක්‍රම,ඇදුම්,හලාල් ආහාර, මේවා දුරදිග යනතුරු අපේ නායකයන් බලා සිටි නිසයි අසරනයන් පිරිසක් පාස්කු දිනයේ ජීවිත පූජා කලේ.
අපේ රටේ එකම විවාහ නීතියක් ක්‍රියාත්මක වියයුතුයි.වහාබ්වාදී නීති මේ බෞද්ධ රටට වැඩක්නෑ.අරාබි පාසැලෙන් අධ්‍යපනය ලබා එලියට එන ළමයාට බෞද්ධ වත්පිලිවෙත් සිරිත් විරිත් දන්නෙ නෑ.අඩියෙන් අඩිය මුස්ලිම් පල්ලි හදලා.ඒවායින් උගන්වා තිබෙන්නේ අන්තවාදය.මේ ව්‍යසනයට අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ස් දෙනාම චූදිතයො වෙලා ඉවරයි.මේ අයගෙන් සමහරු අදටත් බදූර්දින්ට කඩේ යනවා.වහාම මේ පුද්ගලයාගේ වත්කම් ප්‍රකාශයක් රටට හෙළිකල යුතුයි.

රට ලේ විලක් කරපු මේ සිද්ධියත් සතියකින් අමතක වෙන ගොඩට නොදමා අදටත් රෝහල් වල අත්පා අහිමිව දුක් විදින අසරන ජනතාවගේ ජන ජීවිතය යළිනගා සිටුවීමට රජය පියවර ගත යුතුයි.සියල්ලට පෙර හේතුවට විසදුම් සෙවිය යුතුයි රටට ඇතුළුවන ගොඩබිම ගුවන සහ මුහුදු මාර්ග සන්නද්ධ කල යුතුයි.අපේ අති දක්ෂ බුද්ධි නිලධාරීන්ගේ රහස් ඔත්තු සේවාව යලිත් සක්‍රීය කල යුතුයි. අපේ ත්‍රිවිධ හමුදාව පොලීසිය විශේෂ කාර්‍ය බලකාය තුල සිටින්නේ ලෝකේ කිසිම රටකට දෙවෙනි නොවන දක්ෂයන් පිරිසක්.ඔවුන් මාතෲ භූමිය වෙණුවෙන් දිවි පරදුවට තබා රාජකාරිය ඉටුකරන බව අපි දන්නවා යැයි අශෝක ද සොයිසා පැවසීය.

කේ එස් හැන්නදි.
27/05/2019

The post අසාද් සාලී,රිෂාඩ් බදූ‍ර්දීන් කරන ප්‍රකාශ නිසා ජනතාවගේ  කෝපය ඇවිස්සිලා කොයි මොහොතේ පුපුරා යයිද දන්නෙ නෑ.-අශෝක ද සොයිසා – appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();