Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් සද්ධන්තයෙක් මිය යාමට පෙර බේරෙයි

ආණමඩුව නවගත්තේගම ප්‍රදේශයේ වෙල්යායක වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි සද්ධන්තයෙකු බේරා ගැනීමට  වන ජීවි නිළධාරින්ට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුව තිබුණි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අදාල සද්ධන්තයා මහපිටිය ඇළයාය කුඹුරක් අසළ වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් නවගත්තේගම වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබුණි.

ප්‍රදේශවාසීන්ගේ දැණුම් දීමෙන් අනතුරුව වන ජීවි නිළධාරින් එම ස්ථානයට ලගාවීමේදී සද්ධන්තයා දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුව සිටි බව කියයි.

වයස අවුරුදු 35 කට ආසන්න මෙම ඇතා අඩි අටකට වඩා උසකින් යුත් බවයි පරික්ෂණ පවත්වන වන ජීවි නිළධාරින් පෙන්වා දෙන්නේ.

මෙම ඇතාගේ හිස අභ්‍යන්තරයට සිදුවූ දරුණු වෙඩි පහරවල් කිපයක් හේතුවෙන්  ඇතාගේ හිස උස් පහත් කිරීමට නොහැකි නිසාවෙන්   ඇතාගේ දිවි  බේරා ගැනීමට විශාල  වෙහෙසක් දැරීමට සිදුවන බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පවසා පවසා සිටි.

ප්‍රියංකර කළුපහන (076 99 28 200)
පුත්තලම වාර්තාකරු

elephantelephant

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post තවත් සද්ධන්තයෙක් මිය යාමට පෙර බේරෙයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();