Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝ-කෝ පුහුණුකරු තනතුරු හැර යයි

කෝ - කෝ ක්‍රීඩාවේ ජාතික පුහුණුකරු සහ ශ්‍රී ලංකා කෝ - කෝ සම්මේලනයේ ලේකම් ඩබ්.ඇම්. අතුල විජේනායක මහතා එම සියලු තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

කෝ - කෝ සම්මේලනයේ කටයුතු වලට ක්‍රීඩා නිලධාරීන් කිහිපදෙනකුගේ අනවශ්‍ය බලපෑම් එල්ල වන බවට චෝදනා කරමින් සිය තනතුරු වලින් ඉල්ලා අස්වන බව විජේනායක මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් කියා සිටී.

තමාගෙන් ක්‍රීඩාව පුහුණුවලත් අයකු එළැඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී කෝ - කෝ පුහුණුකරු තනතුර ලබා ගැනීමට කටයුතු කරමින් සිටින හෙයින් මේ තත්ත්වය උදාවී ඇතැයි ඔහු පවසයි. මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු සහයක් නොමැතිව කෝ - කෝ ක්‍රීඩාව හඳුන්වා දුන් දින සිට මේ වනතෙක් තම වියදමින් මේ ක්‍රීඩාව පත්වාගෙන යන බවත්, නයිවල පිහිටි සම්මේලන මූලස්ථානය පවත්වාගෙන යන්නේද තම වියදමින් බව ඔහු පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් විජේනායක මහතා පැවැසුවේ 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජන කරමින් එක්වූ කෝ - කෝ සංචිතයේ පුහුණුකරු ලෙස ලද දීමනා යොදා ගනිමින් කෝ - කෝ මූලස්ථානය ආරම්භ කිරීමටත්, මුලස්ථානයට අවශ්‍ය කාර්යාලයීය උපකර මිලදී ගැනීමට සහ මාතර කොටවිල පැවති ක්‍රීඩා ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටිය හා මිනි කෝ-කෝ තරඟාවලිය පැවැත්වීම එම මුදල් යොදා ගත් බව පවසන විජේනායක මහතා එවැනි කැප කිරීමක් කළත් බලධාරීන්ගේ ඇගයීමක් නොව කකුලෙන් ඇදීමක් සිදුවන බැවින් තනතුරු අත්හැර දැමීමට තීරණය කළ බවයි. තමාගේ එක් අපේක්‍ෂාවක් වූ ක්‍රීඩාව හඳුන්වා දුන් ප්‍රදේශයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉඳි කිරීමට මේ වනවිට ප්‍රදේශයේ සියලුම දේශපාලන අධිකාරිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ අවධානය යොමු වී ඇති බැවින්, එය ඉටුකර ගැනීමට සම්මෙලනයේ සියලු නිලධාරින් මැදිහත්ව කටයුතු කරන ලෙසද ඔහු ක්‍රීඩා ඇමැතිවරයාට යැවු ලිපියේ සඳහන් කර තිබේ.

තමා හඳුන්වාදුන් ක්‍රීඩාවන් ගණනාවක සම්මේලනවල වෙනත් පුද්ගලයන් විසින් තනතුරු දරමින් සිටින බවත්, ඒ අනුව ශ්‍රී ලංකා කෝ-කෝ සම්මේලනයේ තනතුරු හා පුහුණුකරු තනතුරු ලබා ගැනීමේ අරමුණින් ඇති කරන අවුල් සහගත තත්ත්වයන් නිසා ඇතිවූ දැඩි කළකිරීම හේතුවෙන් ඉල්ලා අස්වන බව ඔහු ලිපියේ සඳහන් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();