Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Airtel පුහණු කඳවුරට ආදි ක්‍රිකට් තරු හවුල් වෙති

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් නිර්මාණය කිරීමට තැනූ, Airtel Fastest, පුහුණු කඳවුරේ දෙවැනි අදියරේදී අංගයක් ලෙස වේග පන්දු යවන්නන් 45 දෙනකු තෙදින පුහුණු සැසියකට සහභාගිවූහ.

96 ලෝක ශූර ක්‍රිකට් පිල නියෝජනය කළ චමින්ද වාස්, හෂාන් තිලකරත්න සහ උපුල් චන්දන යන ක්‍රිකට් පිටියේ විශිෂ්ටයන් තිදෙනා විසින් මේ සැසියේදී වේග පන්දු යැවීවේ ජෛව යාන්ත්‍රනය, ශාරිරික සුවතාව, පෝෂණය පෙවත්වා ගැනීවේ සිට මානසික ශක්‍යතාව, මානසික හැඩගැස්ම දක්වා ක්ෂ්‍රේත්‍රයන් ආවරණය කළහ.

Bharti Airtel සමාගවේ ප්‍රධාන විධායක නිලධාරී හා කළමණාකාර අධ්‍යක්ෂ ජිනේෂ් හේග්ඩේ මහතා එහිදී අදහස් දක්වමින් පැවැසුවේ මේ තෙදින පුහුණු කඳවුර මේ වැඩසටහනේ ඉතා වැදගත් අංගයක් බවයි. ‘අපගේ වැඩසටහනට මෙය ඉතා වැදගත් සංධිස්ථානයක්. මේ ආදි ක්‍රිකට් තරු සමඟ දින 3ක් ගතකරමින්ද ලබාගත් දැනුම යොවුන් ක්‍රීඩකයන්ට නව මංපෙත් විවර කරගැනීමට රුකුලක් වන අතර ජාත්‍යන්තර මට්ටමින්ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ තත්ත්වයට පැමිණෙන්න දායකත්වය ලබා දෙනවා.‘ එහිදී අදහස් දැක්වූ චමින්ද වාස් ‘මේ වැඩසටහනට සහභාගී වුවන්ගේ දක්ෂතාවන් පිළිබඳ මම ඉතාමත් සතුටට පත්වෙනවා. මේ වගේ දක්ෂයන් ජාතික තලයට ගොස් ශ්‍රී ලංකාවට අභිමානය රැගෙන එන ගමනේදී ඔවුන් දිරිමත් කරන්න අවස්ථාව ලැබීම මට ඉමහත් ගෞරවයක්. මේ ක්‍රීඩකයන්ගේ දක්ෂා හෙළි කරමින් Airtel ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලොකු සේවයක් කරනවා‘ යැයි පැවැසීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු මුල් පෙළ පිතිකරුවකු වන හෂාන් තිලකරත්න පිතිකරණය පිළිබඳ සැසිය මෙහෙයවූ අතර දක්ෂ පන්දු රකින්නකු වූ උපුල් චන්දන ක්‍රිකට් ක්‍රීඩාවේ අත්‍යවශම අංශයක් වන පන්දු රැකීම සම්බන්ධයෙන් සිය අත්දැකීම බෙදා ගත්තේය.

අවසන් සුදුසුකම් සපුරාලීමේ වටය ආරම්භවීමත් සමග මේ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබේ. එම වටය අවසානයේදී 13 දෙනකු අවසන් අදියරට සුදුසුකම් ලබාගනී.

එම 13 දෙනා අතරට අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් 5 දෙනකු, අවුරුදු 19න් ඉහළ ක්‍රීඩකයන් 5 දෙනකු සහ විවෘත කාන්තා අංශයෙන් ක්‍රීඩිකාවන් 3 දෙනකු ඇතුළත් වෙති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();