Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුව ඇමතිගේ කමිටුවට සාක්කි දෙන්න බෑ – රෝහල් කාර්ය මණ්ඩලය

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයම තීරණය කර ඇත. ඒ එම කමිටුව පිළිබඳව ඇති අවිශ්වාසය හේතුවෙනි.

මේ පිළිබඳව “කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය” විසින් ලිඛිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ (28) දැනුම්දී ඇත.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ඇති චෝදනා වල සත්‍ය අසත්‍යතාව සේවීමට ජනපති වරයා විසින් පත් කරන ලද කමිටුවකට අවශ්‍යනම් සහයෝගය ලබා දිය හැකි බව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය , රජයේ විකිරණවේදීන්ගේ සංගමය, ගිලන් රථ රියදුරන්ගේ සංගමය, රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර සංගමය , ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය යන වෘත්තීය සංගම් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයට ඇතුළත්ය.

The post සුව ඇමතිගේ කමිටුවට සාක්කි දෙන්න බෑ – රෝහල් කාර්ය මණ්ඩලය appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();