Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යැපුම් මානසිකත්වයෙන් තොර සමාජයක් බිහි කිරිම තම අරමුණයි – අමාත්‍ය දයා ගමගේ

යැපුම් මානසිකත්වයෙන් තොර සමාජයක් බිහි කිරිම තම අරමුණ බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්විම් අමාත්‍ය දයා ගමගේ මහතා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

තවදුරටත් අඳහස් දැක් වු ඇමතිවරයා; මේ වන විට සමෘද්ධිලාභින් ලක්ෂ 14ක් පමණ සිටින අතර මේ මස 30 වන  දින තවත් ලක්ෂ 06 කට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම අම්පාරෙ දී සිදු කෙරෙන බව කීය.

”අලුතින් සිතමු- දිරියෙන් නැගිටිමු” යන තේමාව යටතේ සමාජය සවි බල ගැන්විමට තමා අඳහස් කරන බවත්,ඒ කෙසේ වුවද, යැපුම් මානසිකත්වය තමා ප්‍රක්ෂේප කරන බවත්,තමා ස්වොත්සායෙන් නැඟිටිමට ජනතාව පොළඹවන වන බවත් අමාත්‍යවරයා පැවසිය.

එමෙන් ම, තම අමාත්‍යාංශය අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගත් අපනයන ගම්මාන 5000ක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්,මේ වසරේදි තවත් ව්‍යාපෘති 50,000 පමණ ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බවත්,මේ වසරේදි ව්‍යාපෘති 20,000 ක්‍රියාවලට නැංවිමට තම අරමුණ බවත් පැවසීය. ලක්ෂ 20ක සමෘද්ධිලාභින් සවිබල ගනවන මේ ව්‍යාපෘතිය මඟින් යැපුම් මානසිකත්වයෙන් තොරව 2025 පොහොසත් රටක් ගොඩ නැඟීම තම රජයේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

The post යැපුම් මානසිකත්වයෙන් තොර සමාජයක් බිහි කිරිම තම අරමුණයි – අමාත්‍ය දයා ගමගේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();