Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍ය පරිපාලකයන්ට අමාත්‍යාංශ ලේකම්ගෙ අවසරයකින් තොරව මාධ්‍ය ප්‍රකාශ කිරීම තහනම්

අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට කරුණු දැක්වීම හෝ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට ඊයේ(28) සිට තහනම් කර තිබේ.

තක්ෂණික කරුනු හැර අනෙකුත් ප්‍රකාශ මාධ්‍ය වෙත හෝ ප්‍රසිද්ධ ප්‍රකාශ කල හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරය ලැබීමෙන් පසු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සියලු වෛද්‍ය පරිපාලකයින් වෙත දැනුම් දීමක් කර ඇත.

මෙම තීරණ වලට එරෙහිව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට විරුද්ධව විමර්ශන ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සෞඛ්‍ය පරිපාලකයින්ට දැනුම් දී ඇත.

The post වෛද්‍ය පරිපාලකයන්ට අමාත්‍යාංශ ලේකම්ගෙ අවසරයකින් තොරව මාධ්‍ය ප්‍රකාශ කිරීම තහනම් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();