Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටොන් 600ක අපද්‍රව්‍ය බැහැර කරවනයේ වැඩ නිමයි

Author(s): 
චමීර ඇල්ලදෙණිය

අරුවක්කාලු විද්‍යාත්මක කසළ රඳවනයේ ටොන් 600ක ධාරිතාවයක අපද්‍රව්‍ය බැහැර කිරිමට අදාළව කටයුතු මේ වන විට නිමා වී ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවැසීය.

මෙම විද්‍යාත්මක කසළ රඳවනයේ සියලු වැඩ කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේ අවසන් කිරිමසට සැලසුම් කර ඇති බවද රූපසිංහ මහතා පෙන්වා දුන්නේය.

මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමාත්‍යාංශයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී ලේකම්වරයා මේ කසළ රඳවන සඳහා සියලු ඇගයිම් වාර්තා තිබියදී ප්‍රාදේශිය දේශපාලකයින්ගෙන් යම් යම් බාධා තිබෙන බවද අනාවරණය කළේය.

විද්‍යාත්මක කසළ රඳවනය මඟින් රටේ සමස්ත ජනතාවටම සෙත සැලසෙන බැවින් එය ඉදිරි කටයුතු ගෙන යාමට සියලු පුරවැසියන්ගේ වගකීමක් බව රූපසිංහ මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිහාල් රූපසිංහ මහතා

මේ විද්‍යාත්මක කසළ රදවනයේ ගිවිසුම අත්සන් කිරිමට අදාළ පළමු අදියරේදී ටොන් 600ක් කසළ බැහැර කිරිමට අවශ්‍ය පහසුකම් සකසා දීමට එකඟතාවයක් තිබුණා. ඒ නිසාම ඉදිකරන ලද සමාගම මාර්තු 15 වැනිදා එම ටොන් 600 ධාරිතාවයක් දැමීමට අදාළ කාර්ය අවසන් කළා. එය තවමත් විවෘත කළේ නැහැ. නමුත් මේ පද්ධතිය ක්‍රියාත්මක වේද යන්න සොයා බැලීමට ටෙස් රන් එකක් ක්‍රියාත්මක කිරිමට අප කටයුතු කළා. ඒ නිසා මේ අරුවක්කාලු ප්‍රදේශය අයත් වයඹ පළාතේ සියලුම පාළාත් පාලන ආයතන නිලධාරීන් කැඳවා තමන්ගේ ආයතනවලට අදාළ කසළ සනීපාරක්ෂකව ප්‍රවාහනය කිරීමට හැකියාව තිබෙනවා නම් මෙයට ගෙනැවිත් දෙන්න කියා. එය ලිඛිතව පවා දැන්නුවා. නමුත් මසයක් යන තුරු කිසිම පළාත් පාලන ආයතනයකින් පිළිතුරු අවේ නැහැ. මාසකට පසුව කුලියාපිටිය නගර සභාව මඟින් කසළ ගෙනවිත් භාරදීමට කටයුතු කරන බව පසවා දන්වා තිබුණා. ඔවුන්ට කසළ සනීපාරක්ෂකව ප්‍රවාහනය කිරිමට පහසුකම් තිබුණා.

ඒ නිසා අපි ඒ අයට කසළ ගෙන ඒමට කිව්වා. එය ට අරුවක්කාලුවට ගෙනාවාට පසු අරුවක්කාලු ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා විරෝධය පළ කළා. අපි මේ රඳවනයේ කටයුතු ආරම්භ කළේ නැහැත මේ පද්ධතිය ක්‍රියාත්මක වෙනවාද කියා තමයි අපි බැලුවේ. කෙසේ වෙතත් මෙහි පුමුඛතාව පුත්තලම දිස්ත්‍රික්කයට ලබාදෙන ගමන් තමයි කොළඹ කුණු ගෙන එන්නේ.

මේ ව්‍යාපෘතිය නිසා වනාතවිල්ලු ප්‍ර දේශයට ජල ව්‍යාපෘතියත් ලබාදී තිබෙනවා. මේ සියලු දේ කරන්නේ රටේ සුභසිද්ධියටයි.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();