Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහසොහොන් බලකායේ ප්‍රධානියා 4වැනිදා පැය 6ක් හෙට්ටිපොළ රැදී සිටියා

මහසොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යන අය පසුගිය හතර වැනි දා හෙට්ටිපොළ ප්‍රදේශයේ පැය හයකට අධික කාලයක් රැදි සිටි බවට තොරතුරු අනාවරණය වන බව කිරුළපන පොලිසිය ඊයේ (28) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවේ පවසා සිටියේය.

ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදාහැරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මහසොන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ යන අය නඩුව යළි කැඳවු අවස්ථාවේ දි පොලිසිය මේ බව දැනුම් දුන්නේය.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව ඔහුගේ ජංගම දුරකථන විශ්ලේශන කිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවත් 2019/5/4 වන දින ෆෙස්බුක් ඉන්බෝක්ස් හරහා ජාතින් අතර වෛරි සිතුවිලි ඇති කරවන පණිවිඩ යොමු කැර ඇති බවට සිම් කාඩ්පත් කිහිපයක කරුණු විශ්ලේෂණය කිරිමේන් කරුණු අනාවරණය වන බවට පැවසීය.

සිය නිවෙස අසල මාර්ග බාධක යොදා තිබු හෙයින් කිසිම තැනක නොගිය බවට සැකකරු කරන ප්‍රකාශ අසත්‍ය බව පවසමින් පොලිසිය පැවසුවේ සැකකරු ඉකුත් 4 වැනි දින හෙට්ටිපොළ ප්‍රදේශයේ පැය හයකට අධික කාලයක් රැදි සිටි බවට කරුණු අනාවරනය වන බවය.

තවද ගලමුදුනේ සුෂිම හිමි මෙම ප්‍රදේශය අතහැර ගිය බවට කරුණු අනාවරණය වන බවත් හිමිගෙන් ප්‍රකාශ ලබා ගැනිමට ක්‍රියා කරන බවට පැවසීය.

තවද දෙල්තොට ගලහා යන ප්‍රදේශවල පන්සල් කිහිපයකම රැස්විම් පවත්වා ඇති බවත් නුවර ප්‍රදේශ කිහිපයකම දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පැවසිය.

සැකකරු මහජන ආරක්ෂණ පනතේ 5 වගන්තිය ප්‍රකාර හදිසි නිති රේගුලාසි 33 වගන්ති ප්‍රකාර ඊ උප වගන්තිය අනුව අධිකරණයට ඉදිරිපත් කැර ඇති බවට පොලිසිය තවදුරටත් අධිකරණය වෙත දැන්විය.

මෙහිදි සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් පැවසුවේ එක් එක් පනත් මඟින් අධිකරණයට පොලිසිය කරුණු දක්වා ඇති බවත් ඉදිරියේ දි පොලිසියට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමට ක්‍රියා කරන බවය.

අදාල කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් ගොනු කරන ලෙසට පොලිසියට නියම කරමින් සැකකරු අද (29)දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

සිරන්ජනි කුමාරි-රිද්මි අමෝදා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();