Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රේගු වර්ජනය තවදුරටත්.

Sri_Lanka_Customs_logo

රේගු වෘත්තීය සමිති සන්ධානය  ආරම්භ කර ඇති වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට රජය ගත් තීරණයට විරෝධය පළකිරීමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයේ නොවන අයෙකු පත්කිරීමට විරෝධතාවය පලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇති අතර අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධව රජය ගෙන ඇති මෙම තීරණය වෙනස් කරගන්නා තුරු අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

එසේම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ රජය සිදුකළ මෙම පත්කිරීමට තම සංගමය විරෝධතාව පළකරන බවත් අදාල පත්කිරීම නීත්‍යානුකූල නොවන්නක් බවත්ය.

The post රේගු වර්ජනය තවදුරටත්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();